mediahumanrights.lk
Local NewsNews

කොරෝනා රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් සුදානම්

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද(23) කටයුතු කරන ලදි.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්ත්වය තුළ වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල වෙතින්ද ලබා දීමේ අරමුණින්, අද එම රෝහලෙහි වෛද්‍ය දැඩි සත්කාර ඒකකය අළුත් වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කරන ලද අතර, මෙහිදී එම රෝහලෙහි වෛද්‍ය දැඩිසත්කාර ඒකකය කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය වන පරිදි කොටසක් වෙන් කිරීමට මෙහිදී කටයුතු කරමින් පවතී.

තවද, මෙම අළුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර රෝහලේ අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදා පුද්ගලයින් ඉතා කඩිනමින් අළුත්වැඩියා කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, ඉදිරියේදීද වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විදුලි මිල සංශෝධනයට පෙර මහජන අදහස් විමසීම අනිවාර්ය බව උපයෝගිතා කොමිසම කියයි

Shiran Viraj

අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්ස

Shiran Viraj

නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක් පි‍්‍රයංකර රත්නායක

Shiran Viraj
Translate »