mediahumanrights.lk
Local NewsNews

කොරෝනා අස්සේ එළවළු මාෆියාවක්…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මාෆියාවෙන් ගොවියන් පාරිභෝගිකයින් පීඩාවට වහාම රජය මැදිහත් වන්න!.

රටම ව්‍යවසනකයට පත්ව ඇති මෙම අවස්ථාවේ මෙරට පාරිභෝගිකයින් ගත කරනු ලබන්නේ ඉතිහාසයේ දුෂ්කරම අවස්ථාවකට බව අප කවුරැත් දන්නා කාරණයි. මෙම අසීරැ අවස්ථාවේදී මෙරට පාරිභෝගිකයින් ගසා කන ආකාරය පිළිබදව අප විසින් මෙසේ කරැණු ඉදිරිපත් කරමු.

කොළඔ දී එළවලු අලෙවි වූයේ කිලෝ එක රැපියල් 400.00 ක් වැනි මිලකට වූ අතර කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේදී ඊයේ දිනයේදී මෙම එළවලු කිලෝ එකක් ‌ෙගාවියන් ගෙන් මිලදී ගෙන ඇත්තේ රැපියල් 12.00 – 30.00 මිලකටය. මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ අතරමැදියා විසින් විශාල මුදලක් ගසා කන බවය.

රජය මේ අවස්ථාවේ මේ සදහා මැදිහත් වී ගොවියාට සාධරණ මිලක් ලබා දී පාරිභෝගිකයා අතට සාධාරණ මිලකට එළවලු ලබා දෙන්නේ නම් එය සාධණිය තත්වයක් බවට පත්වේ.

මේ පිළිබදව අදාල ප්‍රදේශයේ ගොවි සංගම් විසින් අප සංවිධානය දැනුවත් කර අතර මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස අප සියලු මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ ගොවියාට හා පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු කිරීම සදහා පෙනී සිටින ලෙසයි.

ගොවි සංගමයේ දුරකතන අංකය  075-0651414

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොවිඩ් ආසාදිතයින් 765කට සුවයි – දිනක් තුළ සුවය ලැබූ වැඩිම ගණන

Shiran Viraj

විශ්වවිද්‍යාල පීඨාධිපති – අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණයට එරෙහිව Free Lawyers සංවිධානයෙන් විරෝධයක්

Shiran Viraj

අපි දැන් එදා වියදම් පියවන්න ණය ගන්න රටක්.. මීට හේතුව කොරෝනා නොවේ..

Shiran Viraj
Translate »