mediahumanrights.lk
Local News News

අටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල් ගත කරයි

බණ්ඩාරගම, අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම පුද්ගලයින් දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර බණ්ඩාරගම අටළුගම ගම්මානය ඊයේ(27) සම්පුර්ණයෙන්ම භාහිර සබඳතාවලින් හුදකලා තර තිබීමට රජය පියවර ගනු ලැබීය.

ඒ එම ප්‍රදේශයන් කොරෝනා වෛරසයට ගොඳුරු වූ පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුවයි.

ඒ අනුව එම ගම්මානය සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ පවතියි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

තැන තැන කොවිඩ් රෝගීන් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය හොඳටම අවදානම්

Shiran Viraj

මිනිස් ජාවාරමේ අවදානම් කලාපයෙන් අපි මිදුනා -තලතා

Shiran Viraj

රවී ගේ තර්ජනයට ලක්ව රටින් ගිය 'අනිකා' ගේ සමාගමේ සිදුවූ රුපියල් බිලියනයක කොටස් පෙරළියේ ඇත්ත මෙන්න

Shiran Viraj