mediahumanrights.lk
Business Business News News

අර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතිය

සේවක අර්ථ සාධක අරමුදල් හිමි පුද්ගලයින්ට ඊට අදාළ මුදල් සිය ගිණුමට තැන්පත් කළාද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මාසිකව සේවක අර්ථ සාධක අරමුදලට තමන්ට හිමි මුදල් තැන්පත් කළාද යන්න සම්බන්ධයෙන් වන තොරතුරු ජංගම දුරකථනය ඔස්සේ තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක් මේ හරහා සැකසීමට නියමිත බවයි කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටියේ.

සේවක අර්ථ සාධක අරමුදල සඳහා මෙරට මිලියන 2.6ක පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් පිරිසක් දායකත්වය දරනු ලබනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි

Shiran Viraj

ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 35ක්

Shiran Viraj

සියලු පාර්ශව සමග සාකච්ඡා කර සයිටම් ගැන සාධාරණ විසඳුමක්‌ ලබා දෙනවා – ජනපති කියයි

Shiran Viraj