mediahumanrights.lk
News Sports Sports News

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හරාරේහිදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායම දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී එක් ලකුණක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිස ඇත්තේ එක් වෙනස්කමක් සමගින්. කසුන් රාජිත වෙනුවට විශ්ව ප්‍රනාන්දු අද තරගය සදහා කැදවා තිබෙනවා. දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුළු 10 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Shiran Viraj

ශ්‍රීපාදේ එනවා නම් මේ තැන් වලින් නාන්න එපා – පොලිසිය කියයි

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගැන තීරණය මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී

Shiran Viraj