2026-02-02
mediahumanrights.lk
LIFELIFE NEWSNews

පොඩ්ඩක් නවතින්න හරි පාට තෝරගන්න

කෑම බීම තෝරද්දී හිත ගිය කෑම බීම තෝරා ගත්තත් ඇත්තටම ඒවා බොහොමයක් අපට නැති ලෙඩ ඇති කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පාටට, සුවඳට, රසට රැවටී තෝරාගන්නා ආහාර පාන නිසා ලංකාවේ පුරවැසියන්ගෙන් පහෙන් එකක් පමණ අකාලයේ මිය යයි.

සියලු මරණවලින් සියයට අසූ තුනකට පමණ වගකිව යුත්තේ බෝ නොවන රෝගයි. ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව 74.9 වුණත් නීරෝගිව තමන්ගේ වැඩ තමන්ටම කළ හැකි මට්ටමින් ජීවත් වීමට වරම් ලබන්නේ 67.7 ක් පමණි. බෝ නොවන රෝග නිසා වැඩි දෙනෙක් ජීවිතයේ අවසන් කාලෙදි එක් තැන් වෙති. අහිතකර ආහාර රටාව බෝනොවන රෝගවලට ප්‍රධාන හේතුවකි. ව්‍යායාම නොකිරීම, දුම්කොළ, මත් වතුර භාවිතය, මීට බලපාන අනෙක් සාධකයි.

ශ්‍රී ලංකාවේ බලධාරීන් බෝ වන රෝගයකටත් වඩා වසංගතයක් වී ඇති බෝ නොවන රෝග පිටු දැකීමට පියවර ගණනාවක් අරඹා ඇත. එහි එක් වැදගත් පියවරක් වන්නේ ආහාර නිෂ්පාදනවලට රතු, කොළ, කහ වශයෙන් වර්ණ තුනක් මාර්ග සංඥා පුවරු ආකාරයට යොදා එහි අඩංගු සීනි ප්‍රමාණය ගැන පාරිභෝගිකයන්ට අවබෝධයක් ලබාදීමයි. සීනි අධික නම් රතු පැහැය ද මධ්‍යම ප්‍රමාණයෙන් ඇත්නම් කහ පැහැය ද සිරුරට හිතකර මට්ටමින් පවතිනවා නම් කොළ පැහැය ද දක්වා තිබේ.

“ නම බලලයි ගන්න ඕන “ යන්න මින් පසු “ නම විතරක් නෙවෙයි සංඥා පුවරුවයි ලේබලයයි බලලා ගන්න ඕන. “ යනුවෙන් වෙනස් කළ යුතුය. එය සියලු දෙනාගේම ශරීර සෞඛ්‍යයට හිතකරය.

2016 සිට අපේ වෙළෙඳ පොළේ පැණි බීමවල මේ මාර්ග සංඥා ක්‍රමයට සකස් කළ ආහාර සංඥා ක්‍රමය භාවිත කෙරෙයි. එය ආනනය කරන ලද මෙන්ම දේශීය පැණි නිෂ්පාදනවලට ද පොදු වූවකි. පැණි බීම මිලිමීටර් 100 ක අඩංගු විය යුතු සීනි ප්‍රමාණය ග්‍රෑම් 11ට වැඩිවූ විට රතු පැහැයෙන් දක්වා තිබේ. 2020 සිට බිස්කට් වැනි ඝන පැණි රස ආහාරවලට ද මේ ආහාර වර්ණ කේතය ( සෞඛ්‍යවත් ආහාර වෙනුවෙන් වූ මාර්ග සංඥා වර්ණ පුවරුව ) භාවිත කිරීමට පියවර ගෙන ඇත. ආහාර ග්‍රෑම් සියයක ග්‍රෑම් 22 ක සීනි ප්‍රමාණයක් අඩංගු නම් කේතය රතු පාටින් දක්වා තිබේ. ග්‍රෑම් 8 – 22 දක්වා ඇත්නම් කහ පැහැයෙන් ද ග්‍රෑම් 8 ට අඩු නම් කොළ පැහැයෙන් ද දක්වා ඇත. සීනි මෙන්ම ලුණු ද බෝනොවන රෝගවලට තුඩු දෙන නිහඬ මාරයෙකි. අපේ රටේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ කර ඇති ලුණු ප්‍රමාණය මෙන් දෙගුණයක තෙගුණයක ලුණු ප්‍රමාණයක් පරිභෝජනය කරයි. ලුණු අධික රුධිර පීඩනයට හේතුවන අතර හදවත් රෝගවලට, ආඝාතයට ඉන් මඟ පෑදෙයි.

Related posts

ආර්තවහරණයේදී ඇතිවන අපහසුතා මඟහැරවීම සඳහා දේශීය වෙදකමෙන් අත්බෙහෙත් කිහිපයක්‌”

Shiran Viraj

අවුරුද්ද අවසානයේ ඡන්දයක් !

Shiran Viraj

ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..

Shiran Viraj
Translate »