mediahumanrights.lk
NewsPolitical

මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.

මීළඟට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පොදුජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

ඒ අනුව එම පෙරමුණේ ප්‍රධාන තනතුරු සඳහා සාමාජිකයන් පත් කර ගැනීම සිදු කරන බවද ඔහු පැවසීය.

පොදුජන එක්සත් පෙරමුණ ලේකම් ධුරය හිටපු අගමැති දිමු ජයරත්න මහතා විසින් දරන ලද අතර ඔහුගේ අභාවයෙන් පසු එම ධුරය පුරප්පාඩු වී තිබේ.

එමෙන්ම එම පෙරමුණේ ප්‍රධාන තනතුරු දරන ලද කිහිප දෙනෙකු දැනටමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ වීම නිසා ද තනතුරු පුරප්පාඩු වී ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?

Shiran Viraj

කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවට

Shiran Viraj

බස්නාහිර පළාතේ අතහැර දැමූ ඉඩම් ගැන අලුත් තීරණයක්

Shiran Viraj
Translate »