mediahumanrights.lk
Local NewsNews

ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි

මහ වැසි සමග ජල මට්ටම ඉහල ගිය ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘත කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගණය ජලාශයේ වාන් දොරටු 14ක්ද අංගමුව ජලාශයේ වාන් දොරටු 02ක්ද විවෘතව තිබෙන බවයි වාරීමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

තිසා වැව, අභය වැව සහ මහවිලච්චිය වැවද වාන් දමමින් තිබෙනවා. මහකනදරාව වාන් දොරටු දෙකක්ද නාච්චාදූව වාන් දොරටු 06ක්ද විවෘතයි. යාන් ඔය ජලාශයේද වාන් දොරටු 05ක්ද විවෘතව තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රිකක්යේ ඉගිනිමිටිය සහ තබ්බෝව යන ජලාශවලද කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, කිඹුල්වාන ඔය, අඹකොළ වැව සහ බතල ගොඩ වැවද වන් දමමින් තිබෙන බවයි වාරීමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

හම්බන්තොට දිස්ත්‍රිකක්යේ ලුණුගම්වෙහෙර සහ වෙහෙරගල යන ජලාශවල වාන් දොරටු 06 බැගින් විවෘත කර තිබෙනවා. යෝධ ඇලේ සහ මව් ආර ජලාශයේද වාන් දොරටු විවෘතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඩෑන් ප්‍රියසාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනී..

Shiran Viraj

බස්නාහිර මහ ඇමතිගේ සින්දුව (වීඩියෝ)

Shiran Viraj

පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

Shiran Viraj
Translate »