2026-01-14
mediahumanrights.lk
NewsPolitical

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද‍්‍රිකා බාල්දියක් පෙරලයි..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන නව සන්ධානයේ ලකුණු ලෙස ‘පුටුව’ ලකුණු ලබාගැනීමට ගැටලුවක් ඇති වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ එම ලකුණු අයත් පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්වය දරන ලද්දේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වීමයි.

පොදුජන එක්සත් පෙරමුණ ලේකම් ලෙස කටයුතු දිමු ජයරත්න මහතා මේ වනවිට අභාවප්‍රාප්ත වී ඇති අතර එම ධූරයටද තවම කිසිවෙකු පත් කර නැත.

එනිසා එම පෙරමුණේ තීන්දු ගැනීමට සිදුව ඇත්තේ එහි මධ්‍යම කාරක සභාවටයි.

එම සභාවේ වැඩි පිරිසක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමීපතම හිතවතුන් වෙයි.

මේ තත්ත්වය මත නව සන්ධානයේ ලකුණ පුටුව ලෙස ලබාගැනීමට ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආසියානු රටවලට ඩොලර් ට්‍රිලියන 5ක වෙළෙඳ අවස්ථාවක් – UNIDO නිත්‍ය නියෝජිත

Shiran Viraj

Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

Shiran Viraj

රෝග රැසකට ගුණදෙන මුරුංගා

Shiran Viraj
Translate »