30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

අප විදෙස් රටවල මිත්‍රත්වය අගයනවා.. නමුත් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරනවා.. ජනපති ගෝටාභය බලවත් ජපානයට කෙලින්ම කියයි..

ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ එම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා වන සිය කැපවීම ශ්‍රී ලංකාව හා ජපානය නැවත වරක් අවධාරණය කරති.

තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය, නැගෙනහිර බහලුම් පර්යන්ත ඇතුළු වරාය යටිතල පහසුකම් සංවර්ධනය, අධිවේගි මාර්ග, කෘෂිකර්මය, රූපවාහිනි සම්ප්‍රේෂණ ඩිජිටල්කරණය, ආපදා නිවාරණය සහ ආරක්ෂක සහයෝගීතාව හඳුනාගත් එකී ක්ෂේත්‍රයන්ට අයත් වේ.

මේ බව සඳහන් කෙරුණේ ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු Motegi Toshimitsu මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේදි ය. ජපාන අමාත්‍යවරයා සමඟින් ඉහළ පෙළේ නියෝජිතයන් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හමුවට එක්ව සිටියහ.

ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට සුබපැතුම් පළ කරමින් අමාත්‍ය තොෂිමිත්සු මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව “ජපානයේ විශේෂ මිතුරෙක්” බවයි. ජපානයේ චාරිකාවක නිරත වන ලෙසට ජනාධිපතිතුමාට ආරාධනා කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ ‘ආසියාවේ මිතුරන්’ නමති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට ලබන මැයි මාසයේ දී අප විසින් සත්කාරකත්වය ලබා දෙන බවත්, අපගේ රටට පැමිණීමට එය ඔබට අඟනා අවස්ථාවක් වනු ඇති බවත්ය” රාජපක්ෂ මැතිතුමා ඊට එකඟ විය.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය වනු ඇති බවට ද ජපාන අමාත්‍යවරයා සිය විශ්වාසය පළ කළේය. “අන්‍යෝන්‍ය වශයෙන් එකග වු සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා ද්විපාර්ශ්වික ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට ජපානය බලාපොරොත්තු වෙනවා. එය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ජපාන සමාගම් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සහායක් වනු ඇති ” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“ අපගේ ආර්ථිකය කුඩා එකක්. නමුත් අපට නිපුණතා සහිත උගත් හා දක්ෂ ශ්‍රම බලකායක් සිටිනවා. මාගේ අභිප්‍රාය ශ්‍රමය කේන්ද්‍රකරගත් උසස් තාක්ෂණයෙන් යුත් ආර්ථිකයක් ගොඩනැංවිමයි. එම ඉලක්කය කරා ළගාවිමට ජපානයේ සහයෝගය අපි බලපොරොත්තු වෙනවා” යැයි ජනාධිපතිතුමා පැවසීය. ශ්‍රී ලංකාව විදේශ ආයෝජනයන්ට විශේෂයෙන් චීනය, ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව වැනි කලාපීය රටවල ආයෝජනයන්ට විවෘත බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

කලාපීය සහයෝගිතාව ගැන අවධානය යොමු කළ ජපාන අමාත්‍යවරයා නිදහස් හා විවෘත ඉන්දු – ශාන්තිකර කලාපීය සංකල්පය කෙරෙහි තම රටෙහි ඇති කැපවීම ප්‍රකාශ කර සිටියේය.

කලාපීය සහයෝගීතාවයේ මූලික ක්ෂේත්‍ර වන්නේ ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ ස්ථාවරත්වය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ “ඉන්දීය සාගරය ගැටුම්වලින් තොර සාම කලාපයක් වශයෙන් පැවතිය යුතු බවයි”.

විදේශ සබඳතා පිළිබද සිය ස්ථාවරත්වය අවධාරණය කළ ජනාධිපතිතුමා “ලෝක බලවතුන්ගේ ඝට්ටනයන්ට මැදිවීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නැහැ. අප අනෙක් රටවල මිත්‍රත්වය බලාපොරොත්තු වන අතර ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරනවා” යනුවෙනි.

ජපාන අමාත්‍යවරයා සඳහන් කළේ තම රට ශ්‍රී ලංකාවේ ජාතීන් අතර, සාමය, ස්ථාවරත්වය සහ සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින බවයි. “සංහිඳියාවේ දේශපාලන ක්‍රියාදාමය ඉදිරියට යා යුත්තේ සමස්ත ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ජනතාවගේ විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙසෙන ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සමඟිනි” යනුවෙන් රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා (Sugiyama Akira) ජපාන අමාත්‍යවරයාගේ විධායක සහායක මතානෝ මොතොසෝදා (Matano Motosoada) සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු හමුවට එක්ව සිටියහ.

මොහාන් සමරනායක
අධ්‍යක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

ප‍්‍රාදේශීය සභා පාලනය පොහොට්ටු හිතවතුනට.. අගමැතිට එරෙහිව අධිකරණයේ නඩු.

Shiran Viraj

ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් නම් ජාතිවාදීන් රට ගිනි තියාලා…

Shiran Viraj

කොරෝනා රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් සුදානම්

Shiran Viraj