mediahumanrights.lk
International NewsNews

බොලීවියාවේ හිටපු ජනපතිගේ හිසට අමෙරිකානු ඩොලර් 50,000 ක ලන්සුවක්

බොලීවියාවේ හිටපු ජනාධිපති එවෝ මොරාලෙස්, බ‍්‍රසීලයට පළා ගොස් තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මතුව ඇති ජීවිත අවධානම හේතුවෙන් තමන් රටින් පලා ආ බවයි.

ජනාධිපතිවරයා මෙක්සිකෝවෙන් සරණාගතභාවය අපේක්ෂා කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්. 2005 වසරේදී බොලීවියාවේ බලයට පත් එවෝ මොරාලෙස් අඛණ්ඩව තුන් වරක් ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. එහෙත් ව්‍යවස්ථා බලතල උල්ලංඝණය කරමින් සිව්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් ඉකුත් දා ජයලැබීමත් සමග එවෝ මොරාලෙස්ට එරෙහිව රට තුළ කුමන්ත‍්‍රණ කි‍්‍රයාත්මක වුනා.

මතු වූ ප‍්‍රබල විරෝධතා හේතුවෙන් ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට එවෝ මොරාලෙස් කටයුතු කළත්, කුමන්ත‍්‍රණකරුවන් පැවසුවේ ඔහුගේ හිස රැගෙන එන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 50,000 ක ත්‍යාග මුදලක් ලෙස පිරිනමන බවයි.

එම තත්ත්වයත් සමග ඇතිවූ ජීවිත අවදානම හමුවේයි බොලීවියාවේ හිටපු ජනාධිපති එවෝ මොරාලෙස් මෙක්සිකෝවට පළා ගොස් ඇත්තේ.  

මේ අතර බොලීවියාවේ විපක්ෂ සෙනට් සභික ජෙනීන් ඈන් තමා බොලීවියාවේ අන්තර්වාර ජනාධිපති ලෙස ප‍්‍රකාශයට පත් කර ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ හිටපු ජනාධිපති එවෝ මොරාලෙස්ගේ පක්ෂයේ නීති සම්පාදකයින් විසින් ජෙනීන් ඈන්ගේ තීරණය ප‍්‍රතික්ෂේප කර ඇති බවයි.

එහෙත් ජනාධීපති ධූරය සඳහා සිටින මීළඟ සුදුස්සා තමා බවත් වහාම මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කරන බවත් සෙනට් සභික ජෙනී ඈන් ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

Shiran Viraj

පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපති

Shiran Viraj

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj
Translate »