2026-02-25
mediahumanrights.lk
NewsPolitical

ගෝටා ලක්‍ෂ 64යි.. සජිත් ලක්‍ෂ 37යි.. වැඩි ඡන්ද ලක්‍ෂ 27කින් ගෝටා දිනුම්..- ජනාධිපතිවරණයේ අලුත්ම පුරෝකතනය මෙන්න..

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක් විමට  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක් වි ඇති නිසා ලබන මස 17 දින වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ජන්ද ලක්ෂ 27 කින්  මේ රටේ ජනාධිපති වන බව ස්ථිර බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා  එ බැව් කියා සිටියේ  නාවලපිටිය දොලොස්භාගේ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විමකට එක් වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ඔහුන්ට සහයෝගය දක්වන සියළුම පක්ෂ එක් ව ලක්ෂ 37 ජන්දයක් ලබා ගන්නා බවත් පැවසිය.

වතු කම්කරුවාට රු පනහක වැටුපක් වැඩි කිරිමට නොහැකි වු එක්සත් ජාතික පක්ෂ රජයේ ජනාධිපති අපෙක්ෂකයා රු එක්දහස් පන්සියක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වි ඇතත්, එම මුදල කිසිසේත් ඔහුන්ට ලබා දිමට නොහැකි බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩය

Shiran Viraj

කොළඹට නව වාහන නැවැත්වීමේ පහසුකම්: රථවාහන තදබදයට UDA වෙතින් විසඳුම්

Shiran Viraj

විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…

Shiran Viraj
Translate »