28.9 C
Colombo
2026-02-04
mediahumanrights.lk
NewsPolitical

වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිවන විශේෂිත රෝහල ජනපතිගේ නිරීක්ෂණයට

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. වකුගඩු රෝගයෙන් පීඩා විදින දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව වෙනුවෙන් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙය ඉදි කෙරෙනවා. ඒ, පොළොන්නරුව මහ රෝහලට නුදුරින්.

ඇඳන් 204කින්, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100කින්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර ඇතුළු ලොව නවීතම පහසුකම්වලින් සමන්විත මෙම රෝහල සදහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12ක්. අද පෙරවරුවේ රෝහල් පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එහි ඉදිකිරීම් පිළිබද සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

කුසල්ගේ හිස පිටුපසට පුජාරාගෙන් නොසිතූ පහරක් -බිහිසුණු මොහොතේ වීඩියෝව මෙන්න -VIDEO

Shiran Viraj

පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතර

Shiran Viraj

කංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..

Shiran Viraj
Translate »