mediahumanrights.lk
NewsPolitical

ෆොන්සේකාට මුළු පොලිසියම විරුද්ද වේ..ත‍්‍රිවිද හමුදාවම බෑ කියයි..නීතිය හා සාමය ඇමතිකම ෆොන්සේකාට කිසිසේතම නොදේ

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමති ධූරය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කර ඇතැයි වාර්තා පලව ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ කිසිසේත්ම සරත් ෆොන්සේකා මහතාට එම ඇමති ධූරය ලබා නොදෙනු ඇති බවයි.

ඊට හේතුව වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින් සරත් ෆොන්සේකා මහතා යටතේ වැඩ කිරීමට දැඩි අකමැත්තක් සහ විරෝධය පලකර සිටීමයි.

එමෙන්ම ආරක්ෂක හමුදාවන්ට ද ඉහළම නිලධාරීන් සරත් ෆොන්සේකා මහතා සමග ආරක්ෂක කවුන්සලයේ අසුන් ගැනීමට අකැමැති බව සඳහන් කර ඇත.

මේ හේතූන් මත ජනාධිපතිවරයා කිසිසේත්ම සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමති ධූරය ලබා නොදෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..

Shiran Viraj

අද පැය 12ක ජල කප්පාදුවක්

Shiran Viraj

මේ ආණ්ඩුව අසමත්.. වියත්මග කියාගෙන ඇවිත් මුට්ටි ගගට දානවා..

Shiran Viraj
Translate »