29 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

තවුහීද් ජමාත් සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට අධිකරණයෙන් නියෝග

ඉස්ලාම් අන්තවාදී අදහස් ප‍්‍රචාරය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් තව්හීද් ජමාත් සංගමයේ සමාජිකයන් දෙදෙනෙකු දින 90 ක් රදවා ප‍්‍රශ්න කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය කොටහේන පොලිසියට අද අවසර ලබා දුන්නා. 

කොටහේන පොලිස් වසම තුළ පිහිටි මහල් නිවාසයක රැඳී සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ කොටහේන පොලිසියේ බුද්ධි අංශ නිළධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුවයි. 

මොහොමඞ් ස්මයිල් සහ මොහොමඞ් අලියාර් මොහොමඞ් නියාස් යන සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී සංයුක්ත තැටි 12 ක්, ලැප්ටොප් පරිගණක යන්ත‍්‍රයක්, ජංගම දුරකථන සහ විද්‍යුත් උපාංග රැසක් ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගනු ලැබුවා.

ඉදිරි විමර්ශන සිදු කිරීමට සැකකරුවන් රදවා ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය බවයි කොටහේන පොලිසිය අධිකරණයට අද දැනුම් දුන්නේ. සැකකරුවන් කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවට ද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

From Andes to Amazon: trekking through the Bolivian jungle

Shiran Viraj

මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප‍්‍රබලයෙකු සමගින් සාකච්චා..?

Shiran Viraj

දිවයින පුරා රථවාහන මෙහෙයුම් ඉදිරියටත්

Shiran Viraj
Translate »