mediahumanrights.lk
NewsSportsSports News

රාජස්ථාන් ක්‍රීඩකයෝ බැංගලෝර් යළි පහළට දමති

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරදවා කඩුලු 3ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

මේ සමගින් රාජස්ථාන් පිල අවසන් ස්ථානයේ සිට යළිත් ස්ථානයක් ඉහළට පැමිණි අතර තරගාවලියේ 42වැනි තරග ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිට පියවරක් ඉදිරියට පැමිණි විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල යළිත් අවසන් ස්ථානයට පත්විය.

තරග 11 බැගින් ක්‍රීඩා කර ඇති කොල්කටා නයිඩ් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ බැංගලෝර් කණ්ඩායම් තරග 4 බැගින් ජය ගනිමින් පිළිවෙළින් ප්‍රසාද ලකුණු සටහනේ 6, 7 සහ 8 වැනි ස්ථාන ලබා සිටිති.

කොල්කටා හිදී පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කා පිල කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 175 හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයෝ පන්දු 4ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 7ක් දැවී තිබියදීය. හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 31කින් ලකුණු 47ක් රැස්කළ රියාන් ප්‍රාග් ජයග්‍රාහී රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. අර්ධ ශතකයට ලකුණු 3ක් පසුපසින් සිටියදී ඔහු අවාසනාවන්ත ලෙස දැවී ගියේ තමා අතින්ම (හිට් විකට්) කඩුල්ල බිඳ වැටීමෙනි. ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහානේ පන්දු 21කින් ලකුණු 34ක් ඉනිමට එක්කළ අතර ජයග්‍රහණය වේගවත් කළ ජොෆ්රා ආචර් නොදැවී ලකුණු 27ක් රැස්කළේ පන්දු 12ක් පමණක් වැය කරමිනි.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ දිනේෂ් කාර්තික් පන්දු 50කින් නොදැවී ලකුණු 97ක් රැස් කළේය. ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහර 9කින් වර්ණවත් විය. ඕවර 4කදී නිලකුණු ඕවරයක්ද සමගින් ලකුණු 20කට කඩුලු 2ක් දවාගත් වරුන් අරෝන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

Related posts

සීසර්ස්ලා සුනිල් ජයවර්ධන උස්සා ගේට්ටුවේ ගැහුවා.. විනාඩි 20 ක් පමණ පහර දුන්නා..- ඇසින් දුටු සාක්‍ෂි කියයි..

Shiran Viraj

කෝටි ගණනක් වටිනා ස්මාර්ට් බෝඩ් උපකරණ භාවිතයට නොගෙන විනාශ වී යාමේ අවදානමක්

Shiran Viraj

කලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…

Shiran Viraj
Translate »