25.6 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

පන්සල් 50කට පහර දෙන්න සූදානමක්..තොරතුරු මා සතුයි- ඥාණසාර හිමි

රට පුරා පන්සල් පනහකට පමණ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට කටයුතු සංවිධානය කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

අද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනවිත් ආපසු බන්ධනාගාරයට රැගෙන එන අවස්ථාවේ උන් වහන්සේ විසින් මේ බව හෙළි කරන ලදී.

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් තොරතුරු උවමනා නම් තමන් මුණගැසීමට බන්ධනාගාරයට එන ලෙසද කී උන්වහන්සේ ඉදිරි කාලයේ ආරක්ෂාව තහවුරු වනතුරු වෙසක් පොසොන් උත්සව කිසිවක් පන්සල්වල නොපවත්වන ලෙස ද ඉල්ලා සිටියේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වසර හයක සිර දඬුවම් විඳිමින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයි

Shiran Viraj

ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

Shiran Viraj

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

Shiran Viraj
Translate »