2026-01-22
mediahumanrights.lk
International NewsNews

ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇත.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට මෙහිදී වැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය දින කිහිපය තුළ දකුණු අප්‍රිකාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවලට අධික වර්ෂාවක් පතිත වූ අතර පුද්ගලයින් 1000ක් පමණ මේ වන විට අවතැන්ව සිටින බව සඳහන්ය.

වෙරළබඩ ප්‍රදේශවලට සුළඟින් දැඩි බලපෑම් එල්ල විය හැකි බවට ද කාලගුණ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්දියාවෙන් ලංකාවට තවත් නැවක්

Shiran Viraj

තමිල්නාඩුවෙන් ඇවිත් මෙරට මසුන් මරන යාත්‍රා අල්ලනු – ධීවර ඇමැති නාවික හමුදාවට දන්වයි

Shiran Viraj

ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත‍්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි..

Shiran Viraj
Translate »