mediahumanrights.lk
LIFELIFE NEWSNews

කේක් කන්නේ බලාගෙනයි

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට තබාගෙන අලෙවි කරන කේක්වල  ප්‍රමිතිය පිළිබද ගැටලුවක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

එබැවින් කේක් අලෙවි කරන සියලු වෙළඳුන් ශීතකරණවල හෝ වියළි සිසිල් ස්ථානවල ගබඩා කර කේක් අලෙවි කළ යුතු බව එම සංගමයේ සභාපති, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

කේක් මිලදී ගැනීමේදී කල් ඉකුත් වන දිනය පිළිබඳ සැලකිලිමත් වීමට අමතරව
කේක්වල පිටත ස්වරූපය පිළිබඳ පාරීභෝගික ජනතාව අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා පැවසීය.

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට කේක් තබා අලවි කරන ස්ථාන දිනවල විශාල වශයෙන් දැකගත හැකි බවත්, දැඩි අව් රශ්මියට කේක් නිරාවරණය වීම හරහා එහි ප්‍රමිතිය වෙනස් විය හැකි බවත් පැවසූ සභාපතිවරයා, මේ පිළිබඳ ව්‍යාපාරිකයන් දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.

අලුත් අවුරුදු සමය මූලික කර ගනිමින් සිදු කරන විශේෂ වැඩපිළිවෙළට අනුව මේ මස පළමුවැනිදා සිට හත්වැනිදා දක්වා කාලය  තුළ දිවයින පුරා මෙහයුම් 514ක් සිදුකර තිබෙන බවත්, එහිදී වෙළෙඳසැල් පන්සිය  හැත්තෑඅටකට අවවාද ලබාදී තිබෙන බවත්  පැවසූ ඒ මහතා, ස්ථාන 194කට නඩු පවරා තිබෙන බවත්, තවත් ස්ථාන 21කට මුද්‍රා තැබූ බවත් ප්‍රකාශ කළේය.

කේක් පිළිබඳ පැමිණිලිවලට අමතරව  පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳවද පැමිණිලි ලැබෙමින් තිබෙන බවත්, මීට අමතරව කල්  ඉකුත් වීමේ දින වෙනස් කිරිම හා පලතුරුවලට රසායනික ද්‍රව්‍ය යෙදීම පිළිබඳවද තම සංගමයට පැමිණිලි ලැබී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

Related posts

“එංගලන්තයේ හෝඩී පොතට සිංහල අපේ ජන කතාවක් දාලා” ලංකාවට අගයක් නැති සිංහල ජනකතා සාහිත්‍ය ලොවම ජය ගනි!

Shiran Viraj

විවාහයෙන් පසු විරාත් කෝලි කළ දේ නිසා අනුෂ්කා ෂර්මා කඳුළු සැලූ හැටි කැමරාවක සටහන් වෙයි – Video

Shiran Viraj

රැට්ටා අත්අඩංගුවට…

Shiran Viraj
Translate »