27.2 C
Colombo
2026-02-12
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකා

ඔහු පිටට අහිංසකයි, කතාව අඩුයි

ධනංජි තාරුකා ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර සිටින කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක්. ඇය පසුගිය පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතාගේ අත ගත්තේ කවුරුත් නොහිතපු මොහොතක. හැමදාමත් කලා ලෝකේ මනාලියන්ගේ යහළු මනාලිය ලෙසින් සැරසුණු ධනංජි හිටිහැටියේම මනාලිය වන්නට තීරණය කිරීම ගැන තවමත් රසිකයන්ට පුදුමයි. ඒ ගැනත් ඇයගේ ඉදිරි නිර්මාණ ගැනත් විමසූවිට ධනංජි ‘හිත පිරෙන හීන‘ විශේෂාංගයට කීවේ මෙවැනි කතාවක්..

කොහොමද ධනංජි ?

හොඳින් ඉන්නවා.

අලුත් ජීවිතේ හොඳයිද ?

හොඳයි. සතුටෙන් ගෙවනවා.

කොහෙද දැන් පදිංචිය..

කොට්ටාවේ. සුදම්ගේ ගෙදර.

විවාහ උත්සවයක් ගන්න බලාපොරොත්තුවක් නැද්ද?

විවාහ උත්සවයක් ගන්න බලාපොරොත්තුවක් නෑ. විවාහ ගිවිස ගැනීම විවාහ උත්සවයක් වගේම සිදුකළා. බලාපොරොත්තුවක් තිබෙනවා ඉදිරියේදි කට්ටියට පොඩි සංග්‍රහයක් කරන්න.

කිරිල්ලියක් වගේ සිටිය ධනංජිට විවාහය බරක් නෙමෙයිද?

අපෝ නැහැ. මට පුළුවන් ඕනෑම විදිහකට ඕනෑම තැනකට අනුගත වෙන්න. ධනංජි වෙනස් වුණේ විවාහවෙලා විතරයි. එහෙම නැතුව ධනංජිගෙ කලින් තිබුණු දඟකාරකම වගේම වැඩත් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ.

සැමියා කැමැතියද ධනංජිගේ දඟකාරකම්වලට..

ඔහු මාව හොඳින් තේරුම් ගෙන ඉන්නෙ. මම ගැන නොදැන නෙමෙයිනෙ මාව විවාහකර ගත්තේ. අපි දෙන්නගෙම සමාන අදහස් තිබෙනවා. ඔහු පිටට අහිංසකයි, කතාව අඩුයි. නමුත් ඇතුළාන්තය මම වගේ ම දඟකාරයි. අදහස්වලින් අපි හොඳට ගැළපෙනවා.

දෙදෙනා මුණ ගැසුණෙ කොහොමද?..

ඔහු සුදම් දෙව්නක වීරනායක. පෞද්ගලික ආයතනයක රැකියාව කරන ගමන් ව්‍යාපාර කටයුතුවල නිරතවෙනවා. අවසන් ඉනිම ටෙලිනාට්‍ය රූගත කළේ සුදම්ගේ ගෙදරට ඉස්සරහ තිබෙන ගෙදර. ඒ දවස්වල අපි යාළුවන් බවට පත්වුණා. ඔහුත් මගේ වයසෙම නිසා අපි හොඳ යහළුවන් විදිහට වසර තුනක් පමණ ඇසුරුකළා. පස්සෙ මට තේරුණා සුදම් වගේ කෙනෙක් මගේ සැමියා ලෙස තෝරා ගැනීම හොඳයි කියා. පෙම්වතුන් වී අපි අවුරුද්දක් විතර ආදරය කළා.

ආදරවන්තයන්ගේ දිනය දා විවාහ වන්න හිතුවේ ඇයි?

ආදරය කරන්න පටන් ගත්තට පස්සෙ විවාහ වෙන්න ඕනෑ වුණා. එනිසා පෙබරවාරි 14දා ආදරවන්තයන්ගේ දිනය මතක හිටින නිසා එදින විවාහ වුණා.

සැමියා රඟපාන්න එපා කීවොත්?

රඟපාන්න එපා කීවොත් මම රංගනයෙන් ඉවත් වෙනවා. නමුත් ඔහු මාව හඳුනා ගත්තේ රංගන ශිල්පිනියක් ලෙස. ඒ නිසා එහෙම කියන එකක් නෑ කියල හිතනවා.

ඔහු රංගනයට ආවොත්..

මම හිතන්නෙ නෑ ඔහු රඟපාන්න එයි කියල. සමහර විට නිරූපණ ශිල්පියෙක් ලෙස කලාවට එන්න පුළුවන්.

මොනවද මේ දවස්වල කරන නිර්මාණ..

සුනිල් පේමරත්න අධ්‍යක්ෂණය කළ ‘වැලි පවුර සිනමා‘ පටය සහ ‘නිහඬ සෙවණැලි‘ චිත්‍රපටයත්, ප්‍රසන්න ඩී. සිල්වාගේ ‘රකුම්ගිර ‘, ‘සුද්දෙක් ‘ටෙලි නාට්‍ය එන්න තියෙනවා. ‘සොමිබර ජරමර’, ‘ක්‍රයිම් සීන්’ ‘නේත්‍රා’ මේ දිනවල විකාශය වනවා.

අනාගත බලාපොරොත්තු..

බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා. බලමු නේද? ‍‍ 

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

Shiran Viraj

ලාංකිකයින් 443ක් වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් මෙහෙයුම ක්‍රියාත්මකයි

Shiran Viraj

මන්නාරමේ සතියක මස් තහනමක්! – මියගිය සතුන් වෙළෙඳපොළට මුදාහැරීම වැළැක්වීමට තීරණයක්

Shiran Viraj
Translate »