mediahumanrights.lk
NewsPolitical

විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති

පොහොට්ටුවේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට හෝ සන්ධානගත වීම හෝ නොවීම තීරණය කිරීමට විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරුන්ට කිසිම අයිතියක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී චෝදනා එල්ල කරනු ලැබීය.

පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත‍්‍රී පිරිසක් විසින් පවත්වන ලද එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ එවන් සාකච්චා සදහා වාඩිවිය යුත්තේ පොහොට්ටුව හැදු නායකයන් විනා විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල වැනි අය නොවන බවත් ඔවුන් පොහොට්ටුවේ සුළු පක්‍ෂ පමණක් බවත්ය.

ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙල උරුමය ලෙස ඔවුන් අදහස් පල කලාට කිසිම ප‍්‍රශ්නයක් නැති බවත් පොහොට්ටුවේ අයිතිය උදුරා ගන්නට එන්නට එපා යයි ඔවුනගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් කියා සිටියහ.

පොහොට්ටුව නිර්මාණය කල නායකයනට ගරහමින් මිලග මැතිවරණවලදී වැඩි ඡුන්දයෙන් දිනන්නට හිතන්න එපා යයිද ඔවුන් තව දුරටත් කියා සිටියහ.

මෙම මාධ්‍ය හමුව සදහා මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු කොළඹ නාගරික මන්ත‍්‍රී දයාකාන්ත පෙරේරා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

(under the courtesy of lankacnews.com news web)

Related posts

අපරීක්ෂාකාරී ළමා මරණ සඳහා අලාභ අයකර ගන්න නීති හදන්න පියවර

Shiran Viraj

සීනි ආශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි කරන්න බැහැ

Shiran Viraj

කොරෝනා මරණ 2,771 දක්වා ඉහළට – දකුණු කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් ගැන ශී‍්‍ර ලංකාවත් අවධානයෙන්

Shiran Viraj
Translate »