mediahumanrights.lk
Local NewsNews

රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු යළි දිවයිනට

රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු අද (14) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ප‍්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලට රැුගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ, එරට ආරක්‍ෂක නිලධාරීන් 70 දෙනෙකුගේ ආරක්‍ෂාව මධ්‍යයේයි.

එම ශී‍්‍ර ලාංකිකයින් පිරිස අතර පිරිමි පුද්ගලයන් 54 ක් , කාන්තාවන් 06 ක් සහ කුඩා ළමුන් 04 ක් ද සිටින අතර ඔවුන් යාපනය, මීගමුව සහ හලාවත ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් සියළු දෙනා වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දේශීය කිරි පිටි කර්මාන්තයේ ගෙල මිරිකීමේ ක්‍රියාවලිය නවතියි – අමාත්‍යවරයාගේ මැදිහත්වීමක්

Shiran Viraj

චීන කොරෝනා එන්නත දීලා ජනතාව අනතුරේ දාන්න ආණ්ඩුව හදනවා..

Shiran Viraj

ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශය තමන් පූර්ණ ලෙස අනුමත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි

Shiran Viraj
Translate »