2025-12-10
mediahumanrights.lk
Local NewsNews

බරපතල රථ වාහන වැරදි 10 ක දඩ මුදල් වෙනස් වෙයි..!ඇමති අර්ජුන ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

මෙරට රථ වාහන අනතුරු වලට බහුලවම බලපාන රථ වාහන වැරදි 10 ක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එවැනි බරපතල රථවාහන වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල් ඉහළ දැමීමට මීට පෙර යෝජනා වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක්ද පත් කර තිබුනා.

ඒ අනුව එම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුනේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින්.

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මීට පෙරද ප්‍රකාශ කළ අතර එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන ‍රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

පොලිසියෙන් දැඩි ඉල්ලීමක්: මාර්ග පිළිසකර කරන ස්ථානවල සෙල්ෆි ගැනීමෙන් වළකින්න!

Shiran Viraj

රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

Shiran Viraj

සියඹලාපිටිය ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..

Shiran Viraj
Translate »