2026-02-12
mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් එජාපයෙන්ම පාර්ලිමේන්තුවට..ජාතික ආණ්ඩුව බැරි වූ නිසා මහ මැතිවරණයක් කැදවන්න යයි..

බහුතර බලය තහවුරු කර ගැනීමටත්, ඇමති ධුර වැඩි කිරීමටත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විසින් බලාපොරොත්තු වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙයි.

ජාතික ආණ්ඩු යෝජනාව අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ ගත්තද බහුතරයකින් සම්මත කිරීම සම්බන්ධයෙන් ඇති වූ අවිනිශ්චිතතාවය මත එය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

මාර්තු 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය සම්මත වුවද නැතද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් එජාපය විසින්ම ඉදිරිපත් කිරීමට සාකච්චා වෙමින් ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ නමුත් මේ සම්බන්දයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

සිපෙට්කෝ ඩීසල් තොග අවසන්.. අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි..

Shiran Viraj

ශාරුක් ඛාන් මැරුණා කිව්ව පළවෙනි වතාව මේක නෙවෙයි

Shiran Viraj

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන් දිනක්

Shiran Viraj
Translate »