mediahumanrights.lk
Local NewsNews

යාපනය සරසවියේ කොටි ස්මාරකයක් සාදා විවෘත්ත කරයි.. කොටි සලකුණු තැන තැන..

යාපනය විශ්වවිද්‍යාලයේ අඩක්ව ඉදිකිර තිබූ මහවිරු සැමරුම් ස්මාර්කය ඊයේ (11) රාත්‍රියේ සිසුන් පිරිසක් රහසිගතව සම්පූරණ කොට විවෘත්ත කොට ඇති බවට යාපනය ආරක්ෂක අංශ කියා සිටියේය.

යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සැමරීම සඳහා යාපනය සරසවියේ මහවිරු ස්මාර්කයක් ඉදිකිරීමට සරසවියේ සිසුන් පිරිසක් විසින් පියවර ගෙන තිබූ අතර පසුව එම ස්මාර්කයේ පාදම කොටස දක්වා ඉදිකෙරෙමින් පැවති අවස්ථාවේදී අදාල ස්මාර්කය ඉදිකිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවෙන් අනුමැතිය නොලැබීම හේතුවෙන් එහි ඉදිකිරීම් කටයුතු නැවත්වීමට යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති රත්නම් විග්නේශ්වරන් මහතා විසින් පියවර ගනු ලැබීය.

මේ අනුව අදාල ස්මාර්කයේ පාදම කොටස පමණක් ඉදිකොට තිබියදී පසුගිය දිනයන්හි සරසවි සිසුන් මහවිරු සැමරුම් එම ස්මාර්කය ඉදිරියේදී සිදු කල අතර ඊයේ රාත්‍රියේ සිසුන් පිරිසක් විසින් අදාල ස්මාර්කයේ උඩ කොටස් වෙනත් ස්ථානයක සාදා එකවරම රැගෙනවිත් ස්මාර්කය උඩ සවි කිරීමෙන් පසුව එම සිසුන් විසින්ම විවෘත් කොට ගොස් ඇති බවට ආරක්ෂක අංශ  කියා සිටියේය.

මේ අනුව ස්මාර්කයේ ඉහල කොටසේ ඉදිකොට ඇත්තේ යුද සමයේදී කොටි  සංවිධානය විසින් මහවිරු සැමරුම් සඳහා යොදාගත් සංඥා කිහිපයක් වන පොළවෙන් මතු වූ හස්තයන් කිහිපයක්ය.

කෙසේ වෙතත් මහවිරු ස්මාර්කයේ උඩ කොටස සවි කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න හඳුනාගෙන නොමැති අතර විශ්ව විද්‍යාල කොමිෂණ් සභාවේ අවසරය නොමැතිව අදාල ස්මාරක්ය ඉදිවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

අම්බලන්ගොඩ සිංගර් ප්‍රදර්ශනාගාරයේ වෙඩි තැබීමකින් කළමනාකරු ජීවිතක්ෂයට

Shiran Viraj

දෙසිය විසිපහේ ගැටළුව ලක්ෂ 150කට භාර කළ බවට ආණ්ඩුවෙන් ප‍්‍රකාශයක්

Shiran Viraj

කාලගුණයෙන් රතු නිවේදනයක්..

Shiran Viraj
Translate »