23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
International NewsNews

තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුට

ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශයේ රථ වාහන පෙලකට ඊයේ දින (14) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් පමණ මිය ගොස් තිබේ.

ජම්මු ප්‍රදේශයේ සිට ශ්‍රී නගර් බලා යමින් තිබූ ඉන්දීය ආරක්ෂක අංශයට අයත් රථ වාහන 78කින් යුත් වාහන පේලියකට මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී තිබේ. මෙම ත්‍රස්ත ප්‍රහාරය පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350ක ප්‍රමාණයක් රැගත් මෝටර් රථයකින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් ලෙසට එල්ල කර තිබේ.

ස්කෝපියෝ එස්.යූ.වි වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් ඊයේ පස්වරු 3:15ට පමණ මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී තිබේ. ඉන්දීය ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති පරිදි ආදීල් මොහොමඩ් නම් ත්‍රස්ත සැකකරුවෙකු විසින් මෙම මරාගෙන මැරෙන මෝටර් රථය පදවාගෙන පැමිණ තිබේ. මරාගෙන මැරෙන මෝටර් රථය, රථ පෙලේ බස් රථයක ගැටීමෙන් බෝම්බ ප්‍රහාරය ඇරඹී තිබේ. ප්‍රහාරය සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 10ක පරාසයකට ප්‍රහාරයේ ශබ්දය පැතිරීමට තරම් මෙම බෝම්බ ප්‍රහාරය ප්‍රබල යැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරයේ වගකීම කාශ්මීරයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලියක් විසින් දැනටමත් භාර ගෙන තිබේ. එම කල්ලියේ නායක ජයිෂ් ඊ මොහොමඩ් නැමැති පුද්ගලයෙක් විසින් ප්‍රහාරයේ වගකීම ලබාගෙන තිබේ.

2016 වසරෙන් පසු ඉන්දියාවට එල්ලවූ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය මෙය වන අතර බොහෝ ලෝක නායකයන් ඉන්දියාවට ශෝක පණිවිඩ නිකුත් කරමින් සිටියි. ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ද මෙම ත්‍රස්ත ප්‍රහාරයට කණගාටුව පළ කරමින් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

මේ අතර පාකිස්තානය විසින් මෙම ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදි පාකිස්තානය පවසන්නේ මෙම ප්‍රහාරයට පාකිස්තානය සම්බන්ධ යැයි ඉන්දීය ජනමාධ්‍ය සහ රජය සිදු කරනා ප්‍රකාශ සිය රජය ප්‍රතික්ෂේප කරන බවයි.

ආරක්ෂක අංශ සාමාජිකයන් මිය ගිය මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස කම්පාවට පත් කර තිබෙනා අතර ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ ඉන්දීය රජය දැනටමත් මෙම ප්‍රහාරයේ පලිගැනීම සැලසුම් කරමින් සිටිනා බවයි. පාකිස්තානයද එහි ඉලක්කයක් විය හැකි බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් මත පළ කරමින් සිටිනවා. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබුනේ මින් පසුවට ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල නොවීමට තමන් වගබලා ගන්නා බවයි.

ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර ප්‍රදේශයේ ජනතාවට ඉන්දීය ආරක්ෂක අංශ විසින් පීඩා කරන බවට විවිධ චෝදනා මින්පෙර එල්ල වූ අතර මෙම ප්‍රහාරයෙන් පසු සිවිල් වැසියන්ට ඉන්දීය හමුදාවන්ගෙන් එල්ල වන පීඩා සහ හිරිහැර වැඩි වීමේ අවදානමක් ඇතිව තිබෙනවා. මින්පෙර ඉන්දීය හමුදාවන් විසින් කාශ්මීර ප්‍රදේශයේ නිරායුද සිවිල් වැසි‍යන් ඝාතනය කීරිම් සහ ස්ත්‍රී දූෂණ සිදුවීම් නිරතුරුවම වාර්තා වුනා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදි පාකිස්තානය ඉලක්ක කිරීමේ අවදානමක්ද මතුව තිබෙනා අතර ඉන්දියානු මාධ්‍ය චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය පසුපස පාකිස්තාන බුද්ධි අංශද සිටිය හැකි බවයි.

කෙසේ වෙතත් මෙම ත්‍රස්තවාදීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදි කිසිදු ලෙසකින් හෝ න්‍යෂ්ඨික අවි උපයෝගි කර ගත යුතු නැතැයි ජාත්‍යන්තර ප්‍රජාව ඉන්දියාවෙන් ඉල්ලා සිටියි. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

වෙනිසියුලානු අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි

Shiran Viraj

පසුගිය සමයේ පුද්ගලික සමාගමක් එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

Shiran Viraj

කටුනායකදී තුර්කි ගුවන් යානයක් අනතුරක…

Shiran Viraj
Translate »