32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

චන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිල

යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.

එම යෝජිත නව ව්‍යවස්තාවේ 254වන ඡේදයේ එම  කරුණු  සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා අවදාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ අද (21) කොළඹ එම පක්ස කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

පසුගිය යුද සමයේ ඉන්දියාව සහ නොර්වේ වැනි රටවල් එල්.ටී.ටී.ඊ සංවිධානයට රහසින් උදව් කළේ අන්තර් ජාතික නීතියට අනුව  ත්‍රස්තවාදින් උදව් කිරිම නීති විරෝධි බැවින් බව මන්ත්‍රීවරයා පවසයි.

නමුත් මෙලෙස පොලිස් දෙපාර්තමේන්තුව කොටස් කිරිම තුලින් උතුරේ වෙනමම පොලීසියක් බිහි වුවහෝත් එයට රහසින් උදව් කිරිමට අවශ්‍ය නොවන බවත් එය නීත්‍යනුකුල හමුදාවක් බවට පත් වන බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

යෝජිත නව ව්‍යවස්තාව සම්මත වුවහොත් ඉදිරියෙදි සී.වි විග්නේෂ්වරන් මහතාගේ අණ පිලිපදින පොලීසියත් ජනාධිපතිවරයාගේ අණ පිලිපදින හමුදාවත් අතර යුද්ධයක් ඇති වීමට ඉඩකඩ ඇති බවද ඔහු පැවසීය.

එහිදි මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නව පක්ෂයක් ආරම්භ කරමින් ඡන්දයට පැමිණේන බවට ඇති ආරංචි සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේය.

එයට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා පැවසුවේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහත්මිය වර්ථමානයේ සිටින්නේ කල් ඉකුත් වී කුණු වු පුඩිමක් ලෙසින් බවයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

රටේ ආබාධිත ළමුන් ගණන හෙළි කරයි

Shiran Viraj

ගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවට

Shiran Viraj
Translate »