26 C
Colombo
2024-07-08
mediahumanrights.lk
Entertainment Entertainment News News

දුකාට මොකද වුණේ?

මොකක්ද මේ හදිසියේම රෝහලේ විවේක කාලයක් ගත කළා කියන්නේ?

රූපවාහිනි නිවේදක නිවේදකයන්ගේ ක්‍රිකට් තරගාවලියක් තිබුණා. ඒකේ පුහුණුවීම් කරනකොට ලිස්සලා පොඩි කකුලේ ආබාධයක් ඇති වුණා. පස්සේ වැඩිය හිතන්නේ නැතිව තරගයටත් ගියා. පස්සේ ආයෙත් ලිස්සලා ගිහින් තිබුණ අමාරුව වැඩි වුණා.

දැන් කොහොමද තත්ත්වය?

තාම ඇවිදින්න එපා කියලා තියෙන්නේ. එළියෙන් නොපෙනුණාට ඇතුළෙන් කකුලේ තත්ත්වය භයානක බව තමයි වෛද්‍යතුමා කිව්වේ. දැන් මම ගෙදර ඇවිත් ඉන්නේ. ඒත් වැලි කොට්ට දාලා කකුල එල්ලලා තමයි තියෙන්නේ.

විශේෂඥ වෛද්‍ය චන්දන කරුණාතිලක තමයි මාව බලන්නෙ. විවේකය අවශ්‍ය බව තමයි ඔහු කියන්නේ.

අනතුරත් එක්ක ටික කාලයක් විවේක ගන්න වුණා නේද?

ඔව්. මේ විවේකය ලැබුණෙ බොහොම බරපතළ වෙලාවක. මොකද අවුරුද්ද අවසානයේ කරන්න වැඩ ගොඩක් තිබුණා.

මේ අනතුර නිසා වැඩ අතපසු වුණාද?

ඔව්. මේ දවස්වල වේදිකාගත වෙන “බාල සමාගම” වේදිකා නාට්‍යයේ දර්ශනවාර ගණනාවක්ම මම නිසා කල් දැම්මා. ඊට අමතරවITN එකේ “සොඳුරු ආඥාව” වැඩසටහන කරන්න බැරිවුණා. ඒ වගේ ඉතින් වැඩ කිහිපයක්ම මඟහැරුණා.

දුවලා පැනලා වැඩ කරපු ඔබට මෙහෙම ඉන්න එක කකුලේ වේදනාවටත් වඩා අසීරු ඇති?

ඒකෙ නම් පොඩි අපහසුවක් තියෙනවා. ඇඳටම වෙලා ඉන්න ඕනේ. හැබැයි ඉතින් ඒකට මම හුරු වුණා.

මේ විවේක කාලය තුළ මොනවද කළේ?

මට බලන්න බැරි වුණ චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් බැලුවා. කියවන්න බැරිවුණු පොත් කියෙව්වා. ඒවා බලපු නිසා තිබුණ කාන්සිය පාළුව මඟහරවා ගන්න පුළුවන් වුණා.

මේ විවේක කාලය තුළ ඔබේ ලියන කටයුතු කරගන්න පුළුවන් නේද?

ඇත්තටම දිග ඇදිලම තමයි ඉන්න ඕන. ඉඳගන්නවත් බැහැ. ලියන ඉරියව්වෙන් ඉන්න බැරි නිසා පොතක් ලියාගන්නවත් බැහැ.

සුපුරුදු විදියට නැවතත් වැඩ පටන් ගන්න කොච්චර කාලයක් යයිද?

කොහොමත් ජනවාරි 13 ඉඳලා නාට්‍ය දර්ශන පටන් ගන්නවා. හොඳට විවේක අරන් හරියට හිටියොත් ඒ දර්ශනවලට යන්න පුළුවන් කියලා තමයි වෛද්‍යවරු කිව්වේ.

කරදරයක් වුණාම තමයි මිනිසුන්ව හඳුනාගන්න පුළුවන් කියන්නේ? ඔබට ඒක දැනුණේ කොහොමද?

ඔව්. යාළු මිත්‍රයො, රසික රසිකාවියෝ කරදරයක් වෙන තරමටම ළඟින් හිටියා. සමහර වෙලාවට රෝහලට එන එක වළක්වන්නත් වුණා.

දුකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ලකුණක් තියපු කෙනෙක්. ඉතින් මේ කලාකාමී පියාගේ දරුවන් කලාවට මොනවගේ නැඹුරුවක්ද තියෙන්නේ?

පුතා දැනටමත් පොඩි ලකුණක් තියලා තියෙනවා. ඔහු ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ නර්තන නායකයා විදියට කටයුතු කරනවා. රුසියාවේ – මොස්කව් නර්තන උළෙලේදීත් ඔහුගේ කණ්ඩායම රන් සම්මාන ලබා ගත්තා. පාසලෙත් ඔහු දීප්තිමත් තරුවක් බවට පත් වුණා.

පුතා A/Lකරන්නෙ මේ අවුරුද්දේ මැයි. දුව මේ අවුරුද්දේ තමයිO/L කරන්නේ. එයාලා දෙන්නම ඉගෙන ගන්න අතරතුර රංගනය, නර්තනය සහ චිත්‍ර කලාව ආදී දේවල්වලට දස්කම් පෙන්නනවා.

ඉදිරියේදී කරන්න ඉන්න වැඩකටයුතු මොනවාද?

ITN එකේ සොඳුරු ආඥාව වැඩසටහන නාට්‍යකරුවන් 100ක් සමඟ කරපු නිසා ඒ ඇසුරින් පොතක් එළිදක්වන්න හිතන් ඉන්නවා. ඊට අමතරව මගෙ නවකතාව එළිදක්වන්න හිතන් ඉන්නවා.

අලුත් බිස්නස් එකක් කරන්නත් ඉන්නවාලු නේද?

“රාල ස්ටෝරුව” කියලා වැඩක් පටන් ගත්තා. ඒකේ ප්‍රවර්ධන වැඩකටයුතු කරන්න තියෙනවා. නාට්‍යකරුවන්ට, චිත්‍රපටකරුවන්ට ඔවුන්ගේ බඩු බාහිරාදිය මාසෙකට මුදල් ගෙවලා තියන්න පුළුවන්. වාහන වුණත් තියන්න පුළුවන්. වෙන රටවල නම් මේ වගේ ස්ටෝරු තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි මේ පටන් ගත්තෙ

කලා කටයුතුවලට අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?

ටෙලිවිෂන් ආරාධනා කිහිපයක්ම තියෙනවා. ඒවත් ටිකක් හිතලා බලලා භාරගන්න ඕනෙ. “රාල ක්‍රියේෂන්ස් ආයතනය” ඕස්ට්‍රේලියානු සහ නෙදර්ලන්ත රජයේ ව්‍යාපෘති දෙකක් කරගෙන යනවා. ඉතින් විවේකයත් ටිකක් අඩුයි.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

Related posts

කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේ

Shiran Viraj

යසෝදරා බාලිකාවට පැන්න මහානාම බිග්මැච් සිසුන් ඇතුළෙ හිරවෙලා අලකලංචියයි

Shiran Viraj

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් වූ තරුණියක් මරුට

Shiran Viraj