26 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Entertainment Entertainment News News

දිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලා

ඔබ දෙදෙනා මුණගැහෙන්නෙ කොහොමද?

අපි උත්සවයකදී තමයි මුණගැහෙන්නෙ. පස්සෙ අපි ටික කාලයක් යාළුවො වගේ හිටියා. එයාම ඇහුවා විවාහ වෙමුද කියලා. ඊට පස්සෙ ගෙදරට කියන්න කිව්වා. ගෙවල්වල අයටත් කියලා ඉක්මනින්ම විවාහ වුණා.

මුණ ගැහෙනකොට දිනෙත් මොන වගේ කෙනෙක්ද?

මම ඇත්තටම එයා තුළින් දැක්කෙ පොළොවෙ පයගහලා ඉන්න මනුස්සයෙක්ව. නළුවෙක් කියන දෙය ඔළුවෙ තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි එයා. මම ආසා කළෙත් එයාගෙ ඒ ගති ගුණයටමයි.

අපි පෙම්වතුන් කාලේ අපිට මුණ ගැහෙන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද මම ගාල්ලෙ. ඒ වුණාට එයා හැමදේ ගැනම හොයලා බලනවා.

සැමියෙක් විදියට දිනෙත් කොහොම කෙනෙක්ද?

දැන් ඉතින් ගොඩක් හොඳයි. තවමත් අපි එක ගෙදරකට ආවේ නැහැ. ඒ වැඩකටයුතු ඉදිරියේදී ඉක්මනට කරගන්න ඉන්නෙ. කොහොමටත් එයාට විවේකයක් ලැබුණ සැණින්ම මාත් එක්ක තමයි කාලය ගත කරන්නෙ. මගේ හැමදෙයක්ම හොයලා බලලා එයා කරනවා. එයාගෙ වැඩවලටත් මගෙන් උදවු බලාපොරොත්තු වෙනවා.

ජනප්‍රිය වෙන්න කලින් සහ පසුව දිනෙත්ගෙ වෙනස?

එයා ජනප්‍රියයි කියලා වෙනසක් කරන්නෙ නැහැ කාටවත්. හැබැයි ඉස්සර නම් ටිකක් විසේකාරයි. ඒත් දැන් එහෙම නැහැ. කොහොමටත් කවදත් එකවගේ ඉන්න කෙනෙක්. එදා දැක්ක චරිතෙම තමයි. දැන් එයා ටිකක් කාර්යබහුලයි. ඒ ඇරුණම කිසි වෙනසක් නැහැ.

දිනෙත්ගේ ජනප්‍රියත්වය ඔබට බලපාපු විදිහ?

මම තවම එයත් එක්ක ලොකුවට දේවල්වලට සහභාගිවෙලා නැහැ. සම්මාන උළෙලවලට වගේ ගිහින් තියෙනවා. ඉස්සරහටත් තියෙන වැඩවලට යනවා. ඉතින් කට්ටිය මාව හඳුනනවා ඇති.

ජනප්‍රිය වුණාට පස්සේ ආදරේ වෙනස් වුණාද?

එහෙම නැහැ. මම හිතන්නේ එදාටත් වැඩිය මට ආදරෙයි.

නිරූපණ ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් අතර හිරවුණ ඔහුට පවුල සහ ඔබව මඟහැරෙන්නේ නැද්ද?

මෙහෙමයි. එයාට ගෙදර වැඩවලට උදවු කරන්න ඉඩකඩ අඩුයි. එයා වැඩක් කරන්න ගත්තම උපරිම කැපවීමෙන් කරන කෙනෙක්. ඒත් එයාට පුළුවන් වෙලාවට උදවු කරනවා.

දිනෙත් වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?

එයා හුඟක් වගකීමෙන් වැඩ කරනවා. ඒත් පවුල තුළ වගකීම නම් එයා මගේ පැත්තට දාලා තියෙන්නෙ.

සාමාන්‍ය ජීවිතයේ මොනවගේ කෙනෙක්ද?

එයා මගේ යාළුවො, පවුලෙ කට්ටිය එක්ක හරිම විනෝදෙන් ඉන්න කෙනෙක්. හරිම සරලයි. හැමකෙනා එක්කම හොඳින් කතා කරලා ඉන්න කෙනෙක්.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස් විදියට හිතන කෙනෙක්ද?

ඒ දෙක අතර මැද වගේ. එයා සීරියස් විදියට හිතන්නෙ එයාට ලැබෙන චරිත ගැන විතරයි.

ඔහු අද ඉන්න තැන ගැන ඔබට සතුටුද?

ඔව්. අනිවාර්යෙන්ම

දිනෙත්ට දුකක් හිතුණම?

ගොඩක් නිහඬව පැත්තකට වෙලා ඉන්නවා. නැත්නම් පන්සල් යනවා.

දිනෙත් සතුටින් ඉද්දි

යාළුවෝ එක්ක නම් ඒ වෙලාවට උපරිමයෙන් සතුටු වෙනවා. මාත් එක්ක ඉන්න වෙලාවට නම් බොහොම ආදරණීයව ඒ සතුට විඳගන්නවා.

දිනෙත් වැඩිපුරම සතුටු වුණ දවස?

මම හිතන්නෙ එයාට පළමුවැනි චිත්‍රපටය ලැබුණ සහ සම්මානය ලැබුණ දවසෙ අනිවාර්යෙන්ම එදා එයා නිහතමානී සතුටක් ලබන්න ඇති.

තරහා ගියාම කොහොමද හැසිරෙන්නෙ?

ටිකක් දරුණුයි. ඒත් බනින්නෙ නැහැ. සමහර වෙලාවට වචනයයි දෙකයි කියන්නෙ. හැමෝම නිහඬ වෙනවා. නැත්තම් ඉතින් පැත්තකට වෙලා ඉන්න වෙලාවලුත් තියෙනවා. මාත් එක්ක තරහ ගියොත් එහෙම කතා නොකර ඉන්නවා. ඒ ඇරුණම කෑකෝ ගහලා රණ්ඩු වෙන කෙනෙක් නෙමෙයි.

වැඩිපුරම යන්න කැමැති තැන්?

පන්සලට නැත්නම් පිටිසර ගම්මානයකට යන්න, ඒ මිනිස්සු එක්ක ඉන්න, ඒ පළාත්වල කෑම කන්න කැමැතියි.

වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද?

එයා එයාට තමයි වැඩිපුරම ආදරේ.

ඔහුට නැතිව බැරි අය කවුද?

අම්මා, තාත්තා, මල්ලිලා දෙන්නා, යාළුවො, මම එයාට නැතිවම බෑ. එයා කියනවා මාව නැති වුණොත් එයා ඊළඟට විවාහ වෙන්නෙ සිනමාව එක්ක කියලා. එයා ඒ තරමටම සිනමාවට ආදරෙයි. සිනමාවත් එයාට නැතුවම බෑ.

ඔහු ගැන අහන්න ලැබුණ සතුටුම ආරංචිය?

එයාට පළමුවැනි සම්මානය ලැබුණ දවසෙ ගොඩක් සතුටු වුණා.

දිනෙත්ගෙ විනෝදාංශ?

පොත් කියවනවා. පන්සල් යනවා, චිත්‍රපට බලනවා. නිදාගන්නවා.

දිනෙත්ට ජීවිතයේ මඟහැරුණු දේවල් තියෙනවද?

ඔහු පාසල් කාලයේදී හොඳ රගර් ක්‍රීඩකයෙක්. පොඩි සිදුවීමක් නිසා මාස කිහිපයක් රෝහල්ගතවෙලා ඉන්න සිදුවෙලා තියෙනවා. ඊට පස්සෙ එහෙම්මම ක්‍රීඩාව මඟ හැරිලා. හැමෝම හිතලා තියෙන්නෙත් ඔහු හොඳ රගර් ක්‍රීඩකයෙක් වෙයි කියලා.

දිනෙත්ගෙ අපි නොදන්න රහස්

ගොඩක් අය එයාව දැක්කම හිතන්නේ සැර කෙනෙක් කියලා. ඒත් ඔහු බොහොම විහිළුවෙන් විනෝදෙන් ඉන්න කෙනෙක්.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

Related posts

ගුරුවරුන් පිරිසක් සහ සිසුන් පිරිසක් නිරෝධායනයට…

Shiran Viraj

ආමර් විදිය ජලයෙන් යටවෙයි

Shiran Viraj

ගත වු පැය 24ට ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑ

Shiran Viraj