mediahumanrights.lk
NewsPolitical

විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයන් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශ ද සමගය.

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මූලික කෙටුම්පත සඳහා විශේෂඥ මට්ටමෙන් යෝජනා සහ නිර්දේශ ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් අතර මේ වන විට ඒ කාර්යය ද අවසන්ව පවතියි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දේශපාලන පක්ෂවලින් ගත් යෝජනා හා නිර්දේශ ද ව්‍යවස්ථා සභාවට යොමු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටියි.

විධායක ජනාපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු බලතල වැඩිකිරීම, පළාත් සභා විධිමත් කිරීම, පළාත් පාලන ආයතනවලට වැඩි බලතල පැවරීම ආදී වැදගත් යෝජනා නිර්දේශ රැසක්ම විශේෂඥයන් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට යෝජනා කර තිබෙතැයි රජය ප්‍රකාශ කළේය.
lanka lead news

Related posts

දැරියකගේ හිරි ඔතප් බින්දැයි ගුටි පූජාවක්

Shiran Viraj

ප්‍රකට චිත්‍රපට විචාරකයෙකුට පහරදීමේ චෝදනාව මත හේමාල් රණසිංහ අත්අඩංගුවට

Shiran Viraj

‘යූටියුබ් නාලිකා අධිකරණ තීන්දුවලට බලපෑම් කරයි’: නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »