32.2 C
Colombo
2026-02-20
mediahumanrights.lk
BusinessBusiness NewsNews

NSB,PLC, SLT හා ශ්‍රීලංකන් ණය ශ්‍රේණියෙන් පහළට

ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමන්නට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් කටයුතු කර තිබේ.

මූඩීස්, ෆිච් රේටිංග්ස් හා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ආයතන විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට කටයුතු කිරීමෙන් පසු මෙම පියවර ගෙන ඇත. මේ හේතුවෙන් රාජ්‍ය හිමිකාරීත්වය ප්‍රධාන වශයෙන් පවතින ආයතනවල ද ණය ශ්‍රේණීන් පහළ යාමේ අවධානමක් මේ වන විට උද්ගතව තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යන මූල්‍ය ආයතන දෙකෙහි දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම ‘B+’ සිට ‘B’ දක්වා පහත දැමීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් පියවර ගෙන ඇත.

මේ අතර බහුතර කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතු, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි දිගුකාලීන විදේශීය හා දේශීය ණය ශ්‍රේණිගත කිරීම ද ‘B+’ සිට ‘B’ දක්වා පහත දැමීමට ෆිච් රේටිංග්ස් ආයතනය අද (05) දින පියවර ගෙන තිබේ.

මීට අමතරව 2019 ජූනි මාසයේ දී කල්පිරීමට නියමිත ශ්‍රීලංකන් ගුවන්සේවයේ ඩොලර් මිලියන 175 ක වටිනාකමකින් යුතු රජය සහතික කරන ලද බැඳුම්කර ද ‘B+’ සිට ‘B’ දක්වා ශ්‍රේණියෙන් පහළ දැමීමට ෆිච් රේටිංග්ස් කටයුතු කර ඇත.

කෙසේ වෙතත් ෆිච් රේටිංග්ස් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම ‘B+’ (ස්ථාවර) සිට ‘B’ (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීමට ගත් තීරණ රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම මගින් පි‍ළිබි‍ඹු සා‍ධකවලට පටහැනිව සිදු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සුඛෝපොභෝගී ජීප් රථයක් පැහැරගත් එස්.එෆ් ලොක්කා අතුරුදන් – Photos

Shiran Viraj

බදු වෙනස් කරන කෙටුම්පත අද විවාදයට

Shiran Viraj

ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි

Shiran Viraj
Translate »