mediahumanrights.lk
Local NewsNews

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා.

පෙරේදා සිට මෙම සැකකරු අතුරුදහන් වී ඇති අතර මෙතෙක් ඔහු පැන ගිය ආකාරයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකි වී නැහැ.

කෑගල්ල බන්ධනාගාරයේ සිට ඉකුත් 07 වැනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇති මෙම සැකකරු කලුතර බන්ධනාගාරයේ රැඳවීමට නියම වී සිටියේ කලුතර විභාග වෙන නඩුවක් සඳහා පෙනී සිටීමට ඇති බැවින්.

ඒ අනුව පෙරේදා (20) එම නඩුව විභාග වී ඇති අතර නඩුවට අදාළ සැකකරු පැමිණ නොමැති හේතුව සොයා බැලීමේදී මේ පිළිබඳ අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සැකකරු අතුරුදහන් වී ඇත්තේ කුමණ ස්ථානයකින්දැයි මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වුණේ.

මීට මාස 6කට පමණ පෙර රුපියල් කෝටි දෙකකට අධික හෙරොයින් කිලෝ 2ක් සමඟ සැකකරු අතඅඩංගුවට ගෙන තිබුණා.  ඒ හොරණ ප්‍රදේශයේ සැඟව සිටියදී. මෙම සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි වාර්තා වන්නේ.

බන්ධනාගාර නිලධාරින්ගේ ඇස්වලට වැලි ගසා උපක්‍රමශීලිව සැකකරු පැණ ගියේ කෙසේදැයි මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

කෙසේවෙතත් කලුතර බන්ධනාගාරය වෙත මාරු කරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් ලෙසින් වෙස් වලාගෙන ව්‍යාජ බන්ධනාගාර රථයකින් පැමිණි පිරිසක් සැකකරු මුදාගෙන ඇති බවටයි මේ වන විට සැක කෙරෙන්නේ. සැකකරු කලුතර බන්ධනාගාරයට මාරු කළ ලිඛිත තොරතුරුද සඳහන් නොවන බවද පැවසෙනවා.

මෙලෙස මුදාගෙන ඇත්තේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් දෙදෙනෙකු වන සුසෙව් හා සිද්දික් නැමැත්තන්ගේ ප්‍රධාන ගෝලයෙකු බවටයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම සැකකරු මුලින්ම කලුතර බන්ධනාගාරයේද රඳවා සිට ඇති අතර එහිදී ද රුපියල් කෝටි 05ක් ලබා දී බන්ධනාගාරයෙන් පලා යෑමට සැළසුම් කර තිබූ බවද පසුව හෙළි වී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

හිටපු ජනපති ගත් තීරණයකට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

Shiran Viraj

මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට අගරදගුරුගේ විරෝධය

Shiran Viraj

උසස් පෙළ විභාගයත් දෙසැම්බරයට !

Shiran Viraj
Translate »