mediahumanrights.lk
Local NewsNews

වැසි වතුරට ආ කිඹුලෙක් වැසියෙකුට පහරදෙන්න යද්දි ගම්වාසීන් අල්ලාගනී

වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නාගර් ඉලිප්පුකුලම් ගම්මානයට පැමිණි දැවන්ත කිඹුලෙකු ගම්වාසීන් විසින් අල්ලා වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට අද (08) උදෑසන භාරදීමට පියවර ගෙන තිබුණි.

ඊයේ රාතියේ ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමග අඩි 10ක් පමණ දිගැති මෙම කිඹුලා ගම්මානයට පැමිණ ඇති අතර එහිදී මාර්ගයක ගමන් කරමින් සිටි වැසියෙකුට පහරදීමට උත්සහ කිරීමේදී එම වැසියා ඉන් බේරි අසල් වැසියන් සමග එක්ව කිඹුලා අල්ලා ඇත.

අනතුරු ඒ පිළිබඳව වව්නියාව වනජීවි නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව වනජීවි නිලධාරීන් විසින් කිඹුලා රැගෙන ගොස් මඩු ජලපෝෂක ප්‍රදේශයකට මුදා හැරීමට කටයුතු යොදන ලදි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් ‍රැසක් අවතැන්

Shiran Viraj

ආණ්ඩුවේ තීරණ ගැන සැකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන දේ

Shiran Viraj

පිරිමි පුද්ගලයෙකු දරුවෙකු බිහි කරයි – ලංකාවේ අපිට පුදුම හිතෙන කතාවක්

Shiran Viraj
Translate »