23.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

මහ මැතිවරණයෙන් එජාපය දින්නත් රනිල්ට අගමැතිකම දෙන්නෑ..ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය හාන්සියි..

රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය කිසිතේත්ම ලබා නොදෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අවස්ථා කිහිපයකදීම සදහන් කිරීමත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය තුල මේ වන විට දැඩි දෙගිඩියාවක් ඇතිව තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයකදී දැඩි ලෙස අවාසි ඇති වන බවත් එම මැතිවරණයෙන් ජය ගත්තත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකරනු ඇතැයි දැනටමත් පාක්‍ෂිකයා අධෛර්යයට පත්ව සිටින බව එම පක්‍ෂ ඉහල නායක පිරිසක් අතර සාකච්චා වී ඇත.

එම තත්වය නිසා ඉදිරි මහ මැතිවරණය සදහා වෙනම අගමැති අපේක්‍ෂකයෙක් නම් කර ගැනීමට දැන්ම සිටම කටයුතු කල යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් එම යෝජනාවට රනිල් වික‍්‍රමිසිංහ මහතා කිසිදු එකගතාවක් පල නොකිරීම නිසා ගැටළුව දිනපතා ලියලමින් ඇතැයිද වාර්තා වෙයි.

මෙම තත්වය මත තව දුරටත් එජාපය හා එක්ව කටයුතු කිරීමේ පලක් නැති බව එම පෙරමුණේ සුළු පක්‍ෂ කිහිප අවස්ථාවකදීම වික‍්‍රමසිංහ මහතා වෙත දන්වා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අමෙරිකාවේ හමුදාවයි රුසියාවේ හමුදාවයි අවිශ්වාසයෙන්

Shiran Viraj

සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…

Shiran Viraj

දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා

Shiran Viraj
Translate »