mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් පෙන්වීමට නොහැකි වන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී දන්වා ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කර ඇත.

දැනටමත් ඇමැති ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඇතුළු කිහිප දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගී වී ඇතැයි එම වාර්තාවන් හි දැක්වේ.

ඔවුන් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වා සිටින අයෙකුට අගමැති ධූරය ලබා දීමට කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙම කණ්ඩායම පසුපස සිටින බවද සදහන්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි

Shiran Viraj

2018 වෙනුවෙන් බෙන්ජමින් නෙතන්යාහු මෝදීට දෙන්න හදන තෑග්ග මෙන්න (PHOTOS)

Shiran Viraj

අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..

Shiran Viraj
Translate »