mediahumanrights.lk
NewsPolitical

දෙසිය විසිපහේ ගැටළුව ලක්ෂ 150කට භාර කළ බවට ආණ්ඩුවෙන් ප‍්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය අද (10) අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ, ඊට එක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.

බහුතරය තිබෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අපගේ මන්ත්‍රි කණ්ඩායමටයි. ජනතාවට පාර්ලිමේන්තුව පත් කිරීමෙන් ඇතිවූ ආර්ථික කඩා වැටීම රට බංකොලොත් භාවයක් ඇතිවුනා ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවක් පිහිටුවීමේ සදහා ජනතාවට ගෞරවණිය අවස්ථාව ලබා දීමට මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පාර්ලිමේන්තුවේ 225 දෙනාට විසඳාගත නොහැකි ප‍්‍රශ්නය ජනාධිපතිවරයා ලක්ෂ 150ක් වන මෙරට ඡන්ද දායකයින්ට භාරදී ඇති බවයි අමාත්‍ය විමල් වීරවංශ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

බලය ඉන්න ආණ්ඩුවකට ඔය කියන ඊනියා ආණ්ඩුවට 113 දෙනා හදන එක ලොකු දෙයක් නෙමෙයි. සල්ලි කඳු ගණන් බෙදන්න පුළුවන්නම් එහෙන් දෙන ගානට වඩා මෙහෙන් ගානක් තියා ගන්න දෙනවානම් මේ දේ කරන්න පුළුවන්. මෙහෙම කිව්වේ අනුර කුමාර දිසානායක විසින්. පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට මේ ගැන තීරණයක් ගන්නවාට වඩා මේ රටේ සිටින ලක්ෂ 150 ක් පමණ වන බුද්ධිමත් ජනතාවට ඒ සදහා තීරණයක් ගන්න ජනාධිපතිවරයා විසින් අවස්ථාව ලබා දීලා තියෙනවා.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අගමැතිනි යන්නේ වාහන තුනකින්.. පාරවල් තුනක් වහලා ඉඩ දීලා..

Shiran Viraj

ඛනිජ තෙල් සේවකයෝ යළිත් වර්ජනයට සැරසෙති

Shiran Viraj

ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’

Shiran Viraj
Translate »