mediahumanrights.lk
News Political

එජාපය තුනට කැඩෙයි!!

උද්ගතවී ඇති පාර්ලිමේන්තුවේ අගමැති අර්බුදය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය කොටස් තුනකට බෙදී ඇතැයි අනාවරණය වෙයි.

පක්‍ෂයේ එක් පාර්ශ්වයක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදිය යුතු බවට මත පළ කරද්දී ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදීමට කිසිසේත් සූදානම් නැති බව කියයි.

ඒ නිසා පක්‍ෂයේ බහුතර කැමැත්තක් ඇති එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබාදිය යුතු බවට තව පිරිසක් අවධාරණය කරති.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ රැක ගැනීමට කැපවී ක්‍රියාකරන කරු ජයසූරිය මහතාට අගමැති ධුරය ලබාදිය යුතු යැයි තවත් පාර්ශ්වයක් පෙන්වා දෙයි.

මේ ආකාරයට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රින් අතර පමණක් නොව එජාප පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්ද පාර්ශ්ව තුනකට බෙදී ඇතැයි වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමි

Shiran Viraj

පොල් සංවර්ධන අධිකාරි ප‍්‍රමිති සහතිකය ඇත්තේ පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් පමණයි…

Shiran Viraj

ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, "ඊ" ව්‍යාපාරිකයන් පෙරමූණේ .!

Shiran Viraj