mediahumanrights.lk
Local NewsNews

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

අද (10) සැමරෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය පදනම් කරගනිමින් මානසික රෝගීන් සමාජ ගතකිරීමේ අරමුණින්  අම්බලන්තොට රුහුණු සුව නිවහන මගින් විශේෂ පාගමනක් අද පෙරවරුවේ අම්බලන්තොට නගරයේ සිට අම්බලන්තොට  රන්ගිරි විහාරය තෙක් ගමන් කිරීමට සංවිදානය කර තිබුණි.
 1992 වර්ෂයේදී රටවල් 150 ක පමණ සහබාගිත්වයෙන් ආරම්භකරන ලද මෙම දින සැමරුමේ 26 වන සංවත්සරය  නිමිත්තෙන් මෙම පාගමන සංවිධානය කර තිබේ.
මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් , ප්‍රදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයන්හි නිලධාරීන් ,අම්බලන්තොට ,හම්බන්තොට , සූරියවැව යන රෝහල් වල කාර්ය මණ්ඩලයන් මෙන්ම අම්බලන්තොට සිතිජය විශේෂ අවශ්‍යතා ඒකකයේ  ළමයින් ද මෙම පාගමන සංවිධානය කර තිබුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

Shiran Viraj

ගෑස් මිල තවත් පහල දමයි…

Shiran Viraj

තද සුළං සහ වැසි සහිත කාලගුණයක්

Shiran Viraj
Translate »