28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

ගුරුවරුන් බඳවා ගන්නා අයුරු අකිල කියයි

මෙරට ප්‍රධාන පාසල් ඇතුළුව ජාතික පාසල් 300ක වසර අටකට වඩා රැඳී සිටි විදුහල්පතිවරුන් සඳහා මේ මස 16 වැනිදා සිට ස්ථාන මාරුවීම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එමෙන්ම සා/පෙළ විභාගය සඳහා දැනට පවතින විෂයන් 09 ඉදිරියේ දි විෂයන් හය දක්වා අඩු කරන බවද හෙතෙම කියා සිටී.

ඊයේ (04) ගාල්ල මීපාවල අමරසුරිය මහාවිද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට එක්වෙමින් ඇමතිවරයා මේ බවද සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ගුරුවරයා විෂය ප්‍රවීණයෙක් වෙන්න ඔන. දැනුම යාවත්කාලීන කරගන්න ඕන. පොඩි පාසල්වල ගුරුවරු ප්‍රධාන පාසල්වලට ගිය විට ඒ පාසල්වලට ගැළපෙන පරිදි වෙනස් වෙන්න ඕන.ගුරු වෘත්තියට පමණයි සියලු වෘත්තිකයින් බිහි කරන්න පුළුවන්. මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ගුරුවරු විදුහල්පතිවරු නිලධාරින් ඇතුළු සේවකයින් ලක්ෂ 03ක් විතර ඉන්නවා. සමහර විදුහල්පතිවරුන්ගේ වැටුප තිස් හතලිස් දහසකින් වැඩිවුනා. ගුරු වැටුප් විෂමතාවය මුදල් අමාත්‍යංශයට ලබාදීලා තියෙනවා. මේ විෂමතාවය නිවැරදි වුණාම සියලු ප්‍රශ්න අඩුවෙනවා. මා ඇමති ධුරයට පත්වූ පසු පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකුගේ දිමනාව රුපියල් 6500කින් වැඩි කළා. විදුහල්පති ශ්‍රේණි අනුව මේක අඩුවැඩි වෙනවා. මානව සම්පත් දියුණුු කරන්නේ විදුහල්පතිවරු හා ගුරුවරු”.

“මේ වන විට අප භෞතික සම්පත් පමණක් නෙවෙයි මානව සම්පත සංවර්ධය කරන්න කටයුතු කරලා තියෙනවා. තුන්වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරු 4000ක් බදවා ගත්තා. දේශපාලනයෙන් තොරව. අධ්‍යාපන පරිපාලන සේවයට 852ක් බඳවා ගත්තා.ගුරු අධ්‍යාපන සේවයට එක් දහස් ගණනක් බඳවා ගත්තා”.

“ඉදිරියේදී ජාතික පාසල්වලට ගුරුවරු බඳවා ගැනීම සඳහා ගැසට් කරනවා. එවිට ගුරු හිඟයට පිළියම් ලැබේවි. පළාත් සභා පසාල් සඳහා ගුරුවරු බඳවා ගන්න මුදල් ලබා දෙනවා. තුන්වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරු 600ක් බඳවා ගැනීමට කටයුතු කරනවා . අධ්‍යාපන පරිපාලන සේවයට 400 දෙනෙකු ගුරු අධ්‍යාපන අංශය ද සඳහා 1000ක් බදවා ගන්නවා. ගුරු පුහුණුවට විශාල මුදලක් ලබාදීලා තියෙනවා” .

“ලබන වර්ෂයේ ජනවාරි මාසයේ දි ජාතික විද්‍යා පිඨාවලට කණ්ඩායම් දෙකක් එකවර බදවා ගන්නවා .ගුරු හිඟය වසර දෙකක් ඇතුළත අවසන් කරනවා. අපි දේශපාලනය කරලා කොමිස් ගහන්නේ නැතිව උපරිම වේගයෙන් වැඩ කරලා තියෙනවා”.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීන් වන දොස්තර් රමේෂ් පතිරණ, බන්දුලාල් බණ්ඩාරිගොඩ , දකුණු පළාත් සභා මන්ත්‍රි සුමනසිරි ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

 

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

විදුලි බිල නංවන්න දැමූ කැබිනට් යෝජනාව මෙන්න…

Shiran Viraj

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

Shiran Viraj

අවසන් රැලියට එකම තැනක් ඉල්ලා රනිල්-සජිත් ගැටේ…

Shiran Viraj
Translate »