mediahumanrights.lk
Local NewsNews

හෙරොයින් පැකට් කරන තැන වටලද්දී බන්ධනාගාර ලොක්කෙකුත් එතන ඉඳලා

මීටියාගොඩ ප‍්‍රදේශයේදී හෙරොයින් පැකට් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා ද සිට ඇති බවට තොරතුරු අනාවරණ වනවා. ඔහු මෙම ස්ථානයට පැමිණියේ කුමන අරමුණකින්දැයි මෙතෙක් හෙළිව නැහැ. කෙසේවෙතත් ඔහුගේ රැදී සිටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාගේ උපදෙස් යටතේ මේ වනවිට පරීක්ෂණයක්ද ක‍්‍රියාත්මකයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීමට ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයාට අද (22) දිනයේ මීටියාගොඩ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ද දන්වා තිබෙනවා.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළිවුණේ ඔහු දීර්ඝ කාලයක් බූස්ස බන්ධනාගාරයේ ප‍්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කර ඇති බවයි. ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවුණද කෙසේ හෝ බූස්ස බන්ධනාගාරයට සමීප ගාල්ල බන්ධනාගාරය වෙත ස්ථාන මාරුවක් ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව ඔහු ගාල්ලට පැමිණෙන්නේ මීට මාසයකට පෙරයි. ගාල්ල බන්ධනාගාරයේ මෙම නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා මීටියාගොඩ ප‍්‍රදේශයට පැමිණ සිටියේ හෙරොයින් ලබා ගැනීමටදැයි සැක පළව ඇති බවටද වාර්තා පළ වනවා.

ඉකුත්දා මීටියාගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙක්. සජීවි පතරොම් 2990ක් සමග සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේදී ඊයේ (21) අත්අඩංගුවට ගත් ලද්දු රොෂාන් නමැත්තා සහ ගාල්ල බන්ධනාගාරයේ මෙම නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා අතර  ඥාති සම්බන්ධයක් ඇති බවටද වාර්තා වී තිබෙනවා. ලද්දු රොෂාන් නැමැති සැකකරු මෙම පතරොම් තොගය ගාල්ලට රැගෙන යමින් සිටියේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු බව කියන ජයලත් සුද්දා නැමැත්තාගේ කොන්ත‍්‍රාත්තුවක් මතයි. ඔහු
මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නව රජයේ විගණකාධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Shiran Viraj

ජනාධිපතිත් නොදැන සිටි උතුරු කොරියාව හෙළා දුටු නිවේදනයේ හිමිකරු හමුවෙයි – රජයෙන් ඔහුට දඬුවමකුත් දීලා .!

Shiran Viraj

විග්නේෂ්වරන්ගේ ක්‍රියාකලාපය ගැන අරසුකච්චි පක්ෂයේ විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj
Translate »