2026-02-26
mediahumanrights.lk
Local NewsNews

විදුලි සැර වැදී කූපර් පොලිස් දිවියට සමුදෙයි

විදුලි සැර වැදී කූපර් පොවවුනියාව,ඉරට්ටපෙරියකුලම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිල සුනඛයාට විදුලිය වැදීමෙන් අද(10) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.
නිල සුනඛයා උදැසන ව්‍යායාම සඳහා රැගෙන යන අවස්ථාවේ පොලිස් ක්‍රීඩාංගනයේ සිදුවු විදුලි කාන්දුවීමකින් සුනඛයාට විදුලිය වැඳී ඇති බව පොලීසිය පවසයි.
අදාළ අවස්ථාවේ සුනඛයාගේ භාරකරු සුනඛයා බේරා ගැනීමට උත්සහ දරා ඇති අතර, එහිදි සුනඛයාගේ භාරකරුටද විදුලිය වැදී ඇති බවද පොලීසිය සඳහන් කරයි.
වයස අවුරුදු දෙකහාමාරක් පමණ වයසැති කූපර් නැමැති නිල සුනඛයා අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, සුනඛයාගේ භාරකරු වන පොලිස් කොස්තාපල් 30018 උදයකුමාර නැමැති නිලධාරියාද තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය පවසයි.
මියගිය සුනඛයාගේ මරණ පරීක්ෂණ වවුනියාව දකුණ පශු වෛද්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.ලිස් දිවියට සමුදෙයි

(under the courtesy of adaderana.lk news web)

Related posts

ෆයිසර්ගේ කාර්යාලය පුංචි බොරැල්ලෙ ද ?

Shiran Viraj

පාස්කු ඉරිදා අදයි

Shiran Viraj

මන්ත‍්‍රීවරු 93ක් අගමැති රැස්වීම වර්ජනය කරති

Shiran Viraj
Translate »