mediahumanrights.lk
Local NewsNews

බැම්ම කැඩුනොත් හලාවතම යටවෙයි

කොළමුණු ඔයේ පැති බැම්ම කැඩීයාමේ අවදානම තවදුරටත් මුළුමනින් පහව ගොස් නොමැති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසනවා.
ඊයේ  (07) පෙරවරුවේ මෙම බැම්ම කැඩි යාමට අසන්න බව වාර්තා වීමත් සමග ශ්‍රී ලංකා යුධ හමුදාව, පුත්තලම අපදා කළමනාකරණ ඒකකය සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව මෙම බැම්ම වැලි කොට්ට දමා ආරක්ෂා කිරීමට කටයුතු කළා.
ඊයේ රාත්‍රියේ මෙම කටයුතු අවසන් වුවද අධික ජල පහර හේතුවෙන් බැම්ම නැවතත් කැඩි යාමේ අවදානමක් මතුව තිබෙනවා.
මෙම බැම්ම යම් ආකාරයකින් කැඩී ගියහොත් මුළු හලාවත නගරයම ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග, ජල කළමනකරණ හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර පැවසුවේ.
ඒ අනුව අද (08) පෙරවරුවේ අදාළ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම නැවතත් ආරම්භ කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානය

Shiran Viraj

සුරුක්කු දැලේ පැටලුණ බත්තලංගුණ්ඩුව ධීවරයෝ!

Shiran Viraj

පසුගිය සමයේ පුද්ගලික සමාගමක් එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

Shiran Viraj
Translate »