mediahumanrights.lk
NewsPolitical

ෆයිසර්ගේ කාර්යාලය පුංචි බොරැල්ලෙ ද ?

ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් ඈතින් සිට මේ දේ කළ යුතු බවට උපදෙස් දෙන බවත්, තමා සමඟ සකච්ඡා කිරීමට පැමිණ තමාගේ ඉලක්කය වන ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුවට දායක වන ලෙස  ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සිය විරෝධය දක්වමින් සිටී.
නම හෙළි කිරීමට අකමැති වූ ලෝක කුසලාන ජයග්‍රාහී පිල නියෝජනය කළ ජෙෂ්ඨ ක්‍රීඩකයකු කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යවරයා පත්වූ වහාම සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මුස්තාපා මහතා මුණ ගැසුණු බවත් ඔහු මුලින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් අතුරු කමිටුවක් පත්කරණ බවට කියා සිටි බවත්, ඒ සඳහා ජනපතිවරයාගේ කොළ එළිය දැල්වී ඇති බවත් මුස්තාපා මහතා පැවසූ බවයි.
පසුව එම තීරණ වෙනස් කරමින් හිටපු සභාපතිවරයාගේ උපදෙස් මත ෆයිසර් අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.
මුලින් ෆයිසර් ඇමතිවරයාට සහය දෙන්නට ඉදිරිපත් වූ ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයින් දැන් එය මඟ හිරිමින් සිටින්නේ වත්මන් ඇමතිවරයා ක්‍රිකට් සඳහා උපදෙස් ගනු ලබන්නේ පුංචි බොරැල්ලේ කාර්යාලයකින් නිසා බවයි.
ඒ සඳහා සාක්ෂි ඇතැයි ද කී ඔහු ඒ මහතා හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ උපන්දින සාදයේදී කී දේවල් සියලු ජ්‍යෙෂ්ථ ක්‍රීඩකයන් දන්නා බවත් ඔහු කියා සිටියේය.
අවශ්‍ය අවස්ථාවකදී මේ සියලුදේ ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් සමඟ එක්ව තමා ප්‍රසිද්ධ කරන බවද ඔහු සඳහන් කළේය.
ෆයිසර් අමාත්‍යවරයා කර තිබූ ප්‍රකාශය පහතින්

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

විදගන්න පොරකෑ ඇස්ටසෙනිකා මදි නොකියන්න ලැබේ.. තවත් තොගයක් ලැබේ…

Shiran Viraj

දිනකට ඩොලර් ලක්‍ෂ 30ක් ඉතිරියි.. විද්‍යුත් ත‍්‍රීවීල් පාරට…

Shiran Viraj

වනාතවිල්ලූව වැනසූ අයට කිසිම සමාවක් නෑ – පරිසර ඇමැති අමරවීර කියයි

Shiran Viraj
Translate »