mediahumanrights.lk
Local NewsNews

CID ය කොම්පියුටර් ජිල්මාට් අල්ලන්න රටපුරා කාර්යාල අරියි

පරිගණක අපරාධ මැඩලීම සඳහා දිවයිනේ පළාත් නවය තුළ “පරිගණක අපරාධ විමර්ශන ඒකක” නමයක් පිහිටුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ.
එහි පළමු පියවර ලෙස ලබන 04 වැනිදා මධ්‍යම පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය ආරම්භ කෙරේ.
 
ඒ සමඟම මේ සඳහා වෙබ් අඩවියක් ආරම්භ කෙරෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
එහි දෙවැන්න ආරම්භ කෙරෙන්නේ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් බවත්, එය මාතර නගරයේ ඉදිකෙරෙන බවද පැවසේ.
 
පරිගණක අපරාධ පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිගණක අපරාධ පරීක්ෂණ විශේෂ ඒකකයට අමතරව මෑතකදී ඩිජිටල් වෝහාරික විද්‍යාගරයක් හා පුහුණු ඒකකයක්ද මෑතකදී පිහිටුවා තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරන 22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට…

Shiran Viraj

The Men’s 100: ජොස් බට්ලර්ගේ සුපිරි ඉනිම Superchargers කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමයි

Shiran Viraj

පිරිමින් සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාව ඉහළට

Shiran Viraj
Translate »