mediahumanrights.lk
Local NewsNews

CID ය කොම්පියුටර් ජිල්මාට් අල්ලන්න රටපුරා කාර්යාල අරියි

පරිගණක අපරාධ මැඩලීම සඳහා දිවයිනේ පළාත් නවය තුළ “පරිගණක අපරාධ විමර්ශන ඒකක” නමයක් පිහිටුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ.
එහි පළමු පියවර ලෙස ලබන 04 වැනිදා මධ්‍යම පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය ආරම්භ කෙරේ.
 
ඒ සමඟම මේ සඳහා වෙබ් අඩවියක් ආරම්භ කෙරෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
එහි දෙවැන්න ආරම්භ කෙරෙන්නේ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් බවත්, එය මාතර නගරයේ ඉදිකෙරෙන බවද පැවසේ.
 
පරිගණක අපරාධ පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිගණක අපරාධ පරීක්ෂණ විශේෂ ඒකකයට අමතරව මෑතකදී ඩිජිටල් වෝහාරික විද්‍යාගරයක් හා පුහුණු ඒකකයක්ද මෑතකදී පිහිටුවා තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

අමෙරිකාව අවුලෙන් අවුලට ඇද දැමූ ට්‍රම්ප්ගේ වීසා තහනමේ අලුත්ම තත්ත්වය

Shiran Viraj

‘මුල්‍ය’ වචනය භාවිතයට මහ බැංකුවෙන් තහනමක්…

Shiran Viraj

අපරීක්ෂාකාරී ළමා මරණ සඳහා අලාභ අයකර ගන්න නීති හදන්න පියවර

Shiran Viraj
Translate »