mediahumanrights.lk
Local NewsNews

සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්

සිංහරාජයේ අවසන් අලි දෙදෙනා සංරක්ෂණය කිරීම සහ සිංහරාජය අවට අලි-මිනිස් ගැටුමට විසඳුම් යෝජනා මාලාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් ඉදිරිපත් කර තිබේ.

යුනෙස්කෝ සංවිධානය විසින් සංරක්ෂණය කළ යුතු ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජය ආශ්‍රිතව ඇති වි තිබෙන අලි-මිනිස් ගැටුම සඳහා සරල හා හැඟීම්බර විසඳුම්වලට වඩා ඒ පිළිබඳව සුවිශේෂි අවධානයක් යොමු කොට ගැටළුව තිරසාර ලෙස විසඳීම සඳහා මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන බව එම සංවිධානය පවසයි.

ආන්දෝලනයට ලක්ව තිබෙන සිංහරාජ ලෝක උරුම අඩවියේ අවසන් තෙත් කලාපීය අලි දෙදෙනා ඔවුන්ගේ නිජබිමෙන් ඉවත් කිරීම වලකමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් ඍජු හා නිවැරදි තීරණය පිළිබඳව ද එම සංවිධානය ජනාධිපතිවරයාට සිය ස්තූතිය පිරිනමා තිබේ.

කෙසේ වෙතත් සිංහරාජ ලෝක උරුම අඩවියේ ඉතිරි වී සිටින අවසන් අලි දෙදෙනාගේ ඇති පාරිසරික වටිනාකම වන්නේ  ඔවුන් ආසියානු අලියාගේ ශ්‍රී  ලංකාවට ආවේණික උප විශේෂයක් වීම මෙන්ම, සිංහරාජයට ආවේණික තෙත් කලාපීය උප විශේෂයක් ද වීම බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසයි.

එමෙන්ම අලි දෙදෙනා ලෝ සුපතල සිංහරාජ ලෝක උරුම අඩවිය සතු ස්වභාවික උරුමයේ අනභිබවනීය සංකේතයක් වන බවත් සිංහරාජය නිජබිම කොට වැජඹූණු ලෝකයෙන් මේ වන විට වඳ වී ගොස් තිබෙන “ගවරා“ මෙන්ම මෙම අලි දෙදෙනා ද ඔවුන්ගේ පරපුරේ අවසන් පුරුක සංකේතවත් කරන බව ද සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය වැඩිදුරටත් පවසයි.

මුලික කරුණු 10 ක් මත පදනම්ව මෙම යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

එහි ඇතුළත් සම්පුර්ණ යෝජනාවලිය පහතින් දැක්වෙයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමේ

Shiran Viraj

IMF අනුමැතිය දෙසැම්බරයේ ලැබෙන්නෙ නෑ.. ජනවාරි ලැබෙන්නෙත් චීනය කැමති වුනොත්..- නන්දලාල්

Shiran Viraj

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

Shiran Viraj
Translate »