32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ලෝකයම එපා කියන ලංවිමට නැතිවම බැරි ගල් අගුරු බලාගාර – ඇත්ත කතාව මෙන්න

2018 -2037 දිගුකාලීන විදුලි ජනන සැලැස්මෙන් ගල් අගුරු බලාගාර ඉවත් කිරීම පිළිබඳව ඇති නොසතුට, ලංකා විදුලි බල මණ්ඩලය, එළැඹෙන 20 වනදා වැඩවර්ජනයකින් මහජනතාවට බලය පෙන්වීමට සූදානම්ව සිටී.
සෑම වසර 2කටම වරක් ඉදිරිපත් කෙරෙන අවම පිරිවැය මත පදනම්වූ දිගුකාලීන විදුලි ජනන සැලැස්ම 2017 මුල් භාගයේදී අනුමත කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කරන ලදී. කොමිෂන් සභාවට පවතින බලප්‍රකාරව මහජන උපදේශනයකින්ද අනතුරුව ගල් අගුරු බලාගාර ඉවත්කොට සංශෝධිත දිගුකාලීන විදුලි ජනන සැලසුම 2017 ජූලි මස අනුමත කෙරෙන ලදී.
ලංවිමට නැතිව බැරි ගල් අගුරු බලාගාර
ශ්‍රී ලංකාවේ දැනට පවතින එකම ගල අගුරු බලාගාරය නොරොච්චොලේ පිහිටා ඇති ලක්විජය බලාගාරයයි. ලක්විජය ගල් අගුරු බලාගාරය මගින් අවට ප්‍රදේශවලට ඇතිකරන සෞඛ්‍ය  තර්ජන පසුගිය දින කිහිපයේදී උපරීම අගයකට එනම් උසුලාගත් නොහැකි තත්වයකට පත්ව ඇති ආකාරය මාධ්‍ය වාර්තා මගින් පෙන්වාදෙන ලදී. මෙම තත්ත්වය යටතේ වයඹ පරිසරි අධිකාරිය බලාගාරයේ එක් ඒකකයක් වසා දැමීමට නියෝග කරන ලදී. මෙවැනි පරිසරයක් තුල බලාගාරය තුල රාජකාරියේ නියුතුව සිටින ඉන්ජිනේරුවරුන් සහ අනෙකුත් සේවකයින් දැඩි අපහසු තාවකට පත්වී සිටින බවද සත්‍යකි.ගල් අගුරු බලාගාරයෙන් නිකුත්වන දුම් අවට වගාබිම් පමනක් නොව සාගර දූශනයටද ඉතා තදින් බලපා ඇත.බහුලව ජීවත්වන ධීවර ප්‍රජාවට මෙමගින් ඍජු බලපෑම් රාශියක් එල්ලවී ඇත. පහත දැක්වෙන්නේ ඒ සඳහා කදිම උදාහරන කිහිපයකි.
මෙවැනි අමිහිරි අත්දැකීම් රාශියක් සමග ක්‍රියාත්මක වන ගල් ඇගුරු බලාගරවලින් නිදස්වීමට සැලසුම් ක්‍රියාත්මක් නොකොට තව තවත් ගල් අඟුරු බලාගාර ඉල්ලමින් ලංවිම ඉංජිනේරු සංගමය රටට පවසන්නේ කුමක්ද?කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ස්වසන රෝගීන් කරමින්, සමේ රෝග ඇති කරවමින් මුහුදු සම්පත විනාශ මුඛයට ඇදදමා ධීවර ප්‍රජාවට රැකියා අහිමිකරවමින් නොරොච්චොලය වැනි තවත් මුඩුබිම් තැනීමට ලංවිම ඉංජිනේරු සංගමයට ඇති ආශාව කුමක්ද?
මෙයින් ඉතාම පැහැදිලිවන්නේ කුමනහෝ හේතුවක් මුල්කොටගෙන ලංවිම විදුලි ඉන්ජිනේරුවරු රටේ හා මහජනතාවගේ සුභ සිද්දිය පසෙකලා වෙනත් අරමුනක් ඔස්සේ අමානුෂීක මෙහෙයුමක නිරතවී සිටින බවයි.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

‘විගණකාධිපතිගේ බලතල කප්පාදුකර නැහැ’ – කරැට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක්

Shiran Viraj

බස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අද අඩාල වෙනවාලු

Shiran Viraj

රුපියල් 109ට වඩා වියදම් කලොත් දින්නත් ජනාධිපතිකම අහෝසියි.. ප‍්‍රජා අයිතියත් අහෝසියි..

Shiran Viraj
Translate »