mediahumanrights.lk
Local NewsNews

රෝග සහිත සතුන් ජාතික වනෝද්‍යානවලට මුදා හරින අයට වැඩ වරදින ලකුණු

ගෘහ ආශ්‍රිතව ඇති කරන සත්වයන් ජාතික වනෝද්‍යානතුළට ඇතුල් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මුඛ සහ කුර රෝගයක් වැළඳුණු බවට සැකකෙරෙන අලි පැටවෙකු කවුඩුල්ල ජාතික උද්‍යානයෙන් සොයා ගැනීමත් සමග මෙම තීරණය ගත් බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ.
උද්‍යානය තුළට ඇතුලූවන ගවයින්ගෙන් මෙම රෝග වැලදෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. සොයා ගැනුණු අලි පැටවාගේ මුඛයේ සහ පාදවල තුවාල ද දක්නට තිබෙනවා.
වනෝද්‍යානතුළට ගවයින් ඇතුලූ කිරීම තහනම් බවත් එය දිවයින පුරා පිහිටි වනෝද්‍යානවලද ක්‍රියාත්මක බවයි  වනජීවි අධ්‍යක්ෂවරයා කියා සිටියේ. අලිඇතුන්ට අමතරව වෙනත් සතුන්ට මෙම මුඛ සහ කුර රෝගය වැලදී ඇද්ද යන්න පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ජාතික උද්‍යානවල ඇති තණකොළ ගවයින් කෑම හේතුවෙන් වනජීවී රක්ෂිතවල සිටින සතුන් රැසක් උග්‍ර ආහාර හිගයකටද මුහුණපා සිටින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

Covid 19 නිසා බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට

Shiran Viraj

විදේශ රැකියා අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගෙන ප්‍රසිද්ධ සමාගමකින් කිරිපිටි වංචා කරයි

Shiran Viraj

උමා ඔයට බලාපොරොත්තුවක සේයාවක්

Shiran Viraj
Translate »