mediahumanrights.lk
Local NewsNews

මුහුදු රළ ගැන කාලගුණයෙන් කියන අලුත්ම නිවේදනය මෙන්න.

දැන් දවස් දෙකක ඉඳන් ශ්‍රී ලංකාව අවට මුහුදේ රළ වල සිද්ධ වුන වෙනස්වීමක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කලා. ඒවා වලින් කියවුනේ හැකි තරම් මුහුදු යාමෙන් වැළකී සිටීම සුදුසු බව. ඉතින් හෙට (24) දවසේ මේකට මොකද වෙන්නේ කියලත් අලුත්ම නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවමේ වෙද්දී නිකුත් කරලා තියෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල අලුත්ම නිවේදනයෙන් කියන්නේ හෙට දවසේ දී මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන කියලයි.
විශේෂයෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වාවන මුහුදු ප‍්‍රදේශ වල මුහුදු රළ මීටර් 2.5- 3 ක් පමණ දක්වා ඉහළ යා හැකි නමුත් මෙය සුනාමි තත්ත්වයක් නොවන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා කියනවා.
මේ නිසා ධීවර කටයුතුවල නිරතවන්නේ නම් ඔවුන් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවත්, හැකි තරම් මුහුදු යාමෙන් වැළකී සිටීම සුදුසු බවත් ඔවුන් නිර්දේශ කරනවා.ඒ වගේම මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බැවින් වෙරළ ආශ‍්‍රිතව සිටීම ද සුදුසු වෙන්නේ නැහැ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප‍්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

(under the courtesy of siyathafm.lk news web)

Related posts

ප්‍රබල පාතාලයන් හතරක් පිටරටදී අල්ලයි..

Shiran Viraj

නව කතානායක ගලප්පත්ති…

Shiran Viraj

පාසල් නිල ඇඳුම් වවුචර් වෙනුවට යළිත් රෙදි දෙන ලකුණු

Shiran Viraj
Translate »