mediahumanrights.lk
Local NewsNews

ප්‍රවේසම් වන්න…! උෂ්ණාධික කාලගුණෙන් සිරුරට අහිතකරයි

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ලබන මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ සුළඟේ වේගය අඩුවීම ඇතුළු කාලගුණ සංසිද්ධි කිහිපයක් මීට බලපා ඇති බවයි.
මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් සිරුරට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතා පැවසුවේ, අධික හිරු රශ්මිය හේතුවෙන් පහසුවෙන් ම සිරුර විජලයට හෙවත් වියළි තත්ත්වයට පත්විය හැකි බවයි.
අධික හිරු රශ්මිය හේතුවෙන් මතුවන අපහසුතා මග හරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද ඔහු සඳහන් කළේ ය.
අහිතකර බලපෑම්වලින් වැළැකීම සඳහා දිනකට ජලය ලිටර් 3 කට ආසන්න ප්‍රමාණයක් පානය කරන සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.
මේ අතර දිවයින බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් විදුලි ජනනය සඳහා දෙ ආකාරයෙන් බලපෑම් එල්ලවී ඇතැයි, විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, පවතින උණුසුම් තත්ත්වය දෛනික විදුලි අවශ්‍යතාව ද ඉහළ ගොස් ඇති බවයි.
ජල විදුලි නිෂ්පාදනය පහළ ගිය ද විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් මතුවී නැතැයි ද ඔහු පැවසී ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

මීතොටමුල්ලේ පීඩාවට පත් ජනතාව මරික්කාර් සමග අරලියගහ මැදුරට

Shiran Viraj

ණය නොගෙවන තීරණය ගත්තේ මමයි.. නන්දලාල් වෙනුවට මං අස්වන්නම්.. ඔහු වැනි නීර්භීතයන් අවශ්‍යයයි..- අලි සබ්රි

Shiran Viraj

පිරිමි පුද්ගලයෙකු දරුවෙකු බිහි කරයි – ලංකාවේ අපිට පුදුම හිතෙන කතාවක්

Shiran Viraj
Translate »